Thursday, April 30, 2026
23 C
Sri Lanka

වෛද්‍යවරු රටින් පිට වීම නතර කරන්න ආණ්ඩුව තීරණයක් ගනියි.

වෛද්‍යවරුන් පෞද්ගලික අවශ්‍යතා මත විදෙස්ගත වීමේදී සීමා කිහිපයකට යටත්ව පමණක් ඊට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, ගතවූ වසර දෙක ඇතුළත වෛද්‍යවරුන් 2000කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බවට වාර්තා පළ වන පසුබිමකයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පෙන්වා දෙන්නේ, තවත් වෛද්‍යවරුන් 5000ත් 6000ත් අතර පිරිසක් රට හැරදා යෑමේ සුදානමක් ඇති අතර හෙද නිලධාරීන් රැසක්ද රට හැර යාමේ සූදානමක් පවතින බවයි.

වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයාම මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව නීත්‍යානුකූල නොවන අයුරින් රට හැරයන වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික සත්කාරක සේවා පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් රෝහල් රැසක සී.ටී. ස්කෑන්, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ කටයුතු කිහිපයක් නැවතීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

මෙවන් පසුබිමක වෛද්‍යවරුන් පෞද්ගලික අවශ්‍යතා මත විදේශ ගතවීමේදී සීමා කිහිපයකට යටත්ව පමණක් අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නිවාඩු අවශ්‍යතාව, ඉල්ලුම් කරන කාලසීමාව සහ අදාළ වෛද්‍යවරයා වෙනුවෙන් ආදේශක වෛද්‍යවරයෙකු සිටීද යන්න කරුණු මෛහිදී විශේෂයෙන් සලකා බැලෙනු ඇති.

රට තුළ ඇතැම් ක්ෂේත්‍රවල වෛද්‍යවරුන්ගේ පවතින හිඟය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹ තිබෙනවා.

සේවා අවශ්‍යතාව සලකා වෛද්‍යවරුන් විදේශගත වීමේදී වෛද්‍යවරුන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තීරණය කරනු ඇති.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍යවරු රටින් පිටවීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසනවා.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

එහි නව සභාපතිවරයා වශයෙන් වෛද්‍ය අජිත් මෙන්ඩිස්, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

වෛද්‍ය අජිත් මෙන්ඩිස් මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තනතුරු රැසක් හොබවා තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img