Thursday, April 30, 2026
23.3 C
Sri Lanka

යළිත් බදු වැඩි කිරීමට රජයේ තීරණයක්…?

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බදු ප්‍රතිසංස්කරණය ප්‍රධාන අංගයක් බවත් බදු සංචිතය පුළුල් කිරීම රජයේ බදු ආදායම් ඉහළ නැංවීමේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි.

රට තුළ නව බදු නීති ක්‍රියාවට නැංවීමත් සමග පසුගිය මාස 6ක, මාස 8ක කාලසීමාව තුළ බදු සංචිතයේ වර්ධනය රජයට සතුටුදායක නොවන බැවින් බදු පරිපාලනය ශක්තිමත් කරලීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රාජ්‍ය බදු ආදායම තීරණාත්මක සාධකයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කොළඹ පැවැති උත්සවයකදී මේ බව සදහන් කරයි.

එහෙත් බදුකරණය දැන් ඉහළ මට්ටමක පවතින බැවින් වැට් බද්ද සියයට 15%කට වඩා වැඩි කිරීමට බැරි බවත් ආදායම් බදු සියයට 36%ට වඩා වැඩි කිරීමට නොහැකි බවද ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ආචාර්ය දුමින්ද හුලංගමුව සදහන් කරයි.

තවද ආයතනික බදු සියයට 30%ට වඩා වැඩි කිරීමට නොහැකි බවත් සියලුම ක්ෂේත්‍රයන්වල උපරිම බදු මට්ටම් දැන් ක්‍රියාත්මක කරන බැවින් බදු අනුපාත ඉහළ නංවන තරමට, ප්‍රතිලාභ ලැබීම් මෙන්ම ආදායම්ද පහත වැටෙන බවද උප සභාපති ආචාර්ය දුමින්ද හුලංගමුව සදහන් කරයි.

ලබන වසරේ මැතිවරණ වසරක් හේතුවෙන් සියලුම දේශපාලන පක්ෂ පොහොර නොමිලේ දෙන බවට, සමෘද්ධි දීමනාව රුපියල් දසදහසේ සිට පනස්දහස දක්වා ඉහළ නංවන බවට හෝ ඉන්ධන ලීටරයක් රුපියල් 200කට දෙන බවට පොරොන්දු ලබා නොදෙන ලෙසට ඉල්ලා සිටින බවද ආචාර්ය දුමින්ද හුලංගමුව සදහන් කරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img