Wednesday, January 28, 2026
17 C
Sri Lanka

බියර් බීලා ඉස්කෝලේ ගිය පාසල් දැරියට පුරුදු කරලා තියෙන්නේ සීයා බව හෙළි වෙයි.

වාර්තා වෙන්නේ අනුරාධපුරයෙන්.

වයස අවුරුදු 14ක දැරියක් අද උදෑසන මත්පැන් පානය කර පාසල් පැමිණ ඇති බවට වාර්තා වෙනවා.

රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිසියේ නිලධාරින් දෙදෙනකු සිසුවිය පිළිබඳව සැක සිතී මෙම සිසුවිය සිය භාරයට ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය බියර් පානය කර පාසලට පැමිණ ඇති බවයි.

මේ පිලිබඳව සැක සිතී ඒ ගැන වැඩිදුරටත් ප්‍රශ්න කරන පොලීසියට පසුව දැනගන්න්නට හැකි වී ඇත්තේ දැරියගේ මවගේ දෙවැනි විවාහයේ සැමියාගේ පියා විසින් මෙසේ ඇයට මත්ද්‍රව්‍ය භාවිතය පුරුදු කර ඇති බවයි.

කෙසේ වෙතත් දැරිය බියර් පානය කර පාසලට පැමිණීමට හේතුව සහ ඇයට බියර් පානය කිරීමට පුරුදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර මෙම සිදුවීමට අදාළ විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරියා දැරියගේ පාසලේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකතනය විසන්ධි කර තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img