Wednesday, January 28, 2026
16.5 C
Sri Lanka

තෙල් සංස්ථාවෙන් ඉරානයට පොලුක් – ගිවිසුමත් කඩ කරයි

ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ.

මෙම කාරණය හෙළිදරව් වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන් තේ අපනයනකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම ගැටලුවට මැදිහත් වූ සාගල රත්නායක මහතා මසකට ඩොලර් මිලියන පහක වටිනාකමින් යුතු තේ ඉරානයට යැවීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව ඉරානයෙන් ඩොලර් මිලියන 250 ක ඉන්ධන ලබාගෙන ඇති නමුත් ඊට සමානව තේ ලබාදී නැත.

ඊට හේතුව වී ඇත්තේ තෙල් සංස්ථාව ඊට අදාල මුදල් තේ මණ්ඩලයට ලබා නොදීමයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැදිහත්වී තෙල් සංස්ථාව සමඟ සාකච්ඡා කොට මසකට ඩොලර් මිලින පහක වටිනාකමින් යුතු තේ ඉරානයට යැවීම වෙනුවෙන් මුදල් තේ මණ්ඩලය වෙත ගෙවීමට එකඟ වී තිබේ.

මේ අනුව පළමු තේ තොගය ඉකුත් සතියේ ඉරානය වෙත යැවීමත් සමඟ පහත බැස තිබූ තේ දළු කිලෝවක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බව තේ වෙළෙදුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම – ලංකාදීප

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img