Thursday, January 29, 2026
15.8 C
Sri Lanka

මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක්..

ඉන්දියාව සහල් අපනයනය නතර කිරීමත්, මෙරට පවතින වියළි කාලගුණික තත්ත්වය සහ යල කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩුවීමත් සමගම මහා පරිමාණ වී මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ.

රටේ පුද්ගලික අංශය සතුව පවතින වී සහ සහල් තොග සම්බන්ධව රජයේ කෘෂිකර්ම අංශ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් විමසීමක් කර ඇතත් එම තොග සම්බන්ධව කිසිදු තොරතුරක් ලබා දී නැතැයි අනාවරණය වේ. එමෙන්ම මෙම සහල් සංචිත පිළිබඳව ජනාධිපති කාර්යාලයේවත් තොරතුරු නොමැති බවද සඳහන්ය.

එමෙන්ම, වියළි කාලගුණික තත්ත්වය බරපතළ වේයැයි බියෙන් ගොවීන් වී තොග අලෙවි නොකර සිය නිවාසවල ගබඩා කරගෙන සිටින බවද අනාවරණය වේ.

ඉන්දියාව ඇතුළු රටවල් සහල් අපනයනය නතර කර ඇති අතර මේ වන විට මෙරටද ආනයනික සහල් තොග ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

වියළි කාලගුණික තත්ත්වය නිසා යල කන්නයේ සමස්ථ අස්වැන්නෙන් සියයට දහයක (10%) පමණ ප්‍රමාණයක් අඩුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස අමරසිංහ පැවැසීය.

නියඟය නිසා දැනට කුඹුරු අක්කර 37100ක පමණ ප්‍රමාණයකට හානියකට ලක්ව ඇතැයිද ලේකම්වරයා කීවේය. කෘෂි රක්ෂණ මණ්ඩලයේ රක්ෂණය වී නොසිටියද නියඟය නිසා වී වගාව විනාශ වූ ගොවීන්ගේ කුඹුරුවලටද අක්කරයක් සඳහා රුපියල් 40000ක වන්දි මුදලක් රජය ගෙවන බවද ඔහු කීවේය.

නියඟය නිසා වී අස්වැන්නේ යම් අඩුවීමක් සිදු වුවත් ඉදිරියේ දී විශාල සහල් අර්බුදයක් පැන නොනගින බවද ලේකම්වයා කීවේය. පසුගිය කන්නවල වී අස්වැන්නෙන් ඉදිරි මාස දහයක පමණ කාලයකට ප්‍රමාණවත් සහල් තොග රට තුළ පවතින බවද ඔහු පැවසුවේය.

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවි භාරකාර අරමුදල මගින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන පන්සීයක මුදලක් ලබා දුන්නද ගොවීන් මණ්ඩලයට දී ඇත්තේ කිලෝග්‍රෑම් ලක්ෂ දෙකක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා කීවේය. මණ්ඩලය සතුව වී සංචිත නොතිබූ බවද ඔහු කීවේය.

දැනට මාසයකට පමණ ඉහතදී රුපියල් 60ත් 65ත් අතර මිලකට අලෙවි කෙරුනු නාඩු වී කිලෝවක මිල මේ වන විට රුපියල් 95ත් 98ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ. සහල් මිල ඉහළ යතැයි අපේක්ෂාවෙන් ගොවීන් වී තොග අලෙවි නොකර ගබඩා කරගෙන සිටින බවද ලේකම්වරයා සඳහන් කළේය.

බතලගොඩ වී පර්‌යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජේ.බී. සේනානායක කියා සිටියේ පුද්ගලික අංශ සතුව විශාල සහල් තොගයක් පවතින බවත්, එම තොග පිළිබඳ දත්ත පර්යේෂණායතනය සතුව නොමැති බවය.

බී.ජී. 314, බී.ජී. 377, බී.ජී. 300 යන වී වර්ග වියළි කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන බවත්, එම වී වගා කිරීමට අවශ්‍ය බිත්තර වී පර්‌යේෂණායතනයේ තිබෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img