Saturday, May 2, 2026
23.2 C
Sri Lanka

සංචාරක වීසාවලින් රට පනින අයට වැඩ වරදියි.

සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීති විරෝධී විදේශගතවීම් වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ‘ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය’ කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ඊයේ (21) විවෘත කළේය.

ඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත මෑත කාලීනව විශාල පිරිසක් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව ගොස් ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇති බවත්, ඒවා වැළැක්වීම උදෙසා මෙම නව ඒකකය ස්ථාපිත කළ බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යය සාධන බලකායේ නිර්දේශ මත මෙම නව ඒකකය පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් එහි සේවයෙහි යොදවා තිබේ.

මාස තුනක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු, එහි සිදු කළ යුතු සංවර්ධන යෝජනා ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img