Saturday, May 2, 2026
22.9 C
Sri Lanka

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වසර 20කින් වැඩි කළේ නැහැ – රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර.

වසර 20ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කර නොමැති බවත් ඔවුන් ඉතා අසීරුවෙන් එම තත්ත්වය කළමනාකරණය කරන බවත් එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම තීරු බදු රහිත වාහන ගෙන්වන ලෙස ඉල්ලා ඇති බවට මාධ්‍ය අසත්‍ය වාර්තා කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අද (22) කියා සිටියේය.
තීරුබදු රහිත වාහන ගෙන්වන ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබූ බවත් එය අසත්‍ය බව පවසමින් එම වාර්තා ප්‍රතික්ෂේප කළ බවත් එම වාර්තා ප්‍රචාරය කිරීමට වගකිවයුත්තන් වරප්‍රසාද කාරක සභාව හමුවට ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක සහ පවතින වියළි කාලගුණය හේතුවෙන් ගොවීන් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දී සිටින විට කිසිදු මන්ත්‍රීවරයකු එවැනි ඉල්ලීමක් නොකරන බව ඔහු පැවසීය.

දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ සිට තීරුබදු රහිත වාහනයක් ගෙන්වීමේ වරප්‍රසාදය මන්ත්‍රීවරුන්ට හිමි වූ බව පැවසූ අමාත්‍යවරයා, රටේ වත්මන් තත්ත්වය සලකා බැලීමේදී කිසිදු මන්ත්‍රීවරයකු එවැනි ඉල්ලීමක් නොකළ බවද පැවසීය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img