Monday, September 23, 2024
31.2 C
Sri Lanka

71 පෙම්වතිය පොරොන්දු කඩලා – 43 අවිවාහකයාගෙන් පොලිසියට පැමිණිල්ලක්.

තමන් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ 71 හැවිරිදි කාන්තාව ඥාතීන්ගේ කීම අසා විවාහය ලියාපදිංචි කිරීමට අකමැත්ත ප්‍රකාශ කරන බවට 43 හැවිරිදි අවිවාහක පුද්ගලයකු කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇති 43 හැවිරිදි අවිවාහක පුද්ගලයා සිය මව සමඟ නිවෙසේ පදිංචිව සිටියි. මොහුට ස්ථීර රැකියාවක් නැති අතර නිවෙසේ සිට කිලෝමීටර 4ක් පමණ ඈතින් තනිවම සිටින අවිවාහක 71 හැවිරිදි කාන්තාවකගේ නිවෙසට කලකට ඉහතදී ගොස් තිබුණේ පොල් කැඩීමටය. එහිදී කාන්තාව හඳුනාගෙන එදා සිට උදේට කාන්තාවගේ නිවෙසට ගොස් කුඹුරු වතුපිටි වැඩ කර හරක්, බල්ලෝ නාවා කවා පොවා හවසට ගතමනාව රැගෙන නිවෙසට පැමිණෙයි. කාලයක් යද්දී පැමිණිලිකරු කාන්තාවගේ නිවෙසේ නතර වී ඇති අතර දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ද ගොඩනඟාගෙන ද තිබිණ.

මෙසෙ සිටියදී කාන්තාවට අයත් කුඹුරු හා ගොඩ ඉඩම් ද රැකබලා ගන්නා පැමිණිලිකරු කුඹුරු වැඩ කර ගන්නා වී වලින් කොටසක් කොටා සහල් ද පොල් ගස්වල කඩන පොල්වලින් කොටසක් ද සිය 62 හැවිරිදි මවට ගිහින් දෙන පිරිමි දරුවාගේ අසම්මත සම්බන්ධතාව පිළිබඳ මව ද දැනගෙන සිට තිබේ. සම්බන්ධතාව නවත්වන ලෙසත් ගැළපෙන කාන්තාවක සොයා ගන්නා ලෙසත් මව අවස්ථා කිහිපයකදී අවවාද කර තිබුණ ද පැමිණිලිකරු ගණන් නොගෙන ඇගේ නිවෙසේ නතර වී සිට ඇත.

කාන්තාව මෑතක් දක්වා විවාහ වෙන බව කියා සිටි බවත් දැන් ඥාතීන්ගේ කීම අසා විවාහය අතහැර දැමීමට කටයුතු සිදු කරමින් සිටින බවත් දන්වා 43 හැවිරිදි පුද්ගලයා කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් දින කිහිපයකට ඉහතදී ඉදිරිපත් කර තිබිණි.

පැමිණිල්ලට අනුව දෙපාර්ශ්වය කැඳවූ පොලිසිය පැමිණිලිකරු එහිදී හඬා වැළපෙමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් කාලයක සිට කාන්තාව සමඟ සබඳතාවක් පැවැත් වූ බවත් ඇය දැන් ඥාතීන්ගේ කීම අසා සබඳතාව ටිකෙන් ටික නතර කරමින් යන බවත්ය. තමන්ට කාන්තාව නැතිව සිටිය නොහැකි බව පැවසූ පැමිණිලිකරු තමාට යහපතක් වන විසඳුමක් ලබා දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ. එහිදී විත්තිකාරිය පොලිසිය හමුවේ කියා සිටියේ තමන් කිසිසේත්ම පැමිණිලිකරුගේ කීමට එකඟ නොවන බවත් තමන්ට පාඩුවේ ජීවත් වීමට අවස්ථාව උදා කර දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇත. පසුව කාන්තාවගේ ඉල්ලීමට මුල්තැන දුන් පොලිසිය පැමිණිලිකරුට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව හිස් අතින් ආපසු පොලිසියෙන් බැස ගිය බවත් පොලිසිය පැවසීය.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img