Saturday, May 2, 2026
22.3 C
Sri Lanka

71 පෙම්වතිය පොරොන්දු කඩලා – 43 අවිවාහකයාගෙන් පොලිසියට පැමිණිල්ලක්.

තමන් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ 71 හැවිරිදි කාන්තාව ඥාතීන්ගේ කීම අසා විවාහය ලියාපදිංචි කිරීමට අකමැත්ත ප්‍රකාශ කරන බවට 43 හැවිරිදි අවිවාහක පුද්ගලයකු කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇති 43 හැවිරිදි අවිවාහක පුද්ගලයා සිය මව සමඟ නිවෙසේ පදිංචිව සිටියි. මොහුට ස්ථීර රැකියාවක් නැති අතර නිවෙසේ සිට කිලෝමීටර 4ක් පමණ ඈතින් තනිවම සිටින අවිවාහක 71 හැවිරිදි කාන්තාවකගේ නිවෙසට කලකට ඉහතදී ගොස් තිබුණේ පොල් කැඩීමටය. එහිදී කාන්තාව හඳුනාගෙන එදා සිට උදේට කාන්තාවගේ නිවෙසට ගොස් කුඹුරු වතුපිටි වැඩ කර හරක්, බල්ලෝ නාවා කවා පොවා හවසට ගතමනාව රැගෙන නිවෙසට පැමිණෙයි. කාලයක් යද්දී පැමිණිලිකරු කාන්තාවගේ නිවෙසේ නතර වී ඇති අතර දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ද ගොඩනඟාගෙන ද තිබිණ.

මෙසෙ සිටියදී කාන්තාවට අයත් කුඹුරු හා ගොඩ ඉඩම් ද රැකබලා ගන්නා පැමිණිලිකරු කුඹුරු වැඩ කර ගන්නා වී වලින් කොටසක් කොටා සහල් ද පොල් ගස්වල කඩන පොල්වලින් කොටසක් ද සිය 62 හැවිරිදි මවට ගිහින් දෙන පිරිමි දරුවාගේ අසම්මත සම්බන්ධතාව පිළිබඳ මව ද දැනගෙන සිට තිබේ. සම්බන්ධතාව නවත්වන ලෙසත් ගැළපෙන කාන්තාවක සොයා ගන්නා ලෙසත් මව අවස්ථා කිහිපයකදී අවවාද කර තිබුණ ද පැමිණිලිකරු ගණන් නොගෙන ඇගේ නිවෙසේ නතර වී සිට ඇත.

කාන්තාව මෑතක් දක්වා විවාහ වෙන බව කියා සිටි බවත් දැන් ඥාතීන්ගේ කීම අසා විවාහය අතහැර දැමීමට කටයුතු සිදු කරමින් සිටින බවත් දන්වා 43 හැවිරිදි පුද්ගලයා කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් දින කිහිපයකට ඉහතදී ඉදිරිපත් කර තිබිණි.

පැමිණිල්ලට අනුව දෙපාර්ශ්වය කැඳවූ පොලිසිය පැමිණිලිකරු එහිදී හඬා වැළපෙමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් කාලයක සිට කාන්තාව සමඟ සබඳතාවක් පැවැත් වූ බවත් ඇය දැන් ඥාතීන්ගේ කීම අසා සබඳතාව ටිකෙන් ටික නතර කරමින් යන බවත්ය. තමන්ට කාන්තාව නැතිව සිටිය නොහැකි බව පැවසූ පැමිණිලිකරු තමාට යහපතක් වන විසඳුමක් ලබා දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ. එහිදී විත්තිකාරිය පොලිසිය හමුවේ කියා සිටියේ තමන් කිසිසේත්ම පැමිණිලිකරුගේ කීමට එකඟ නොවන බවත් තමන්ට පාඩුවේ ජීවත් වීමට අවස්ථාව උදා කර දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇත. පසුව කාන්තාවගේ ඉල්ලීමට මුල්තැන දුන් පොලිසිය පැමිණිලිකරුට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව හිස් අතින් ආපසු පොලිසියෙන් බැස ගිය බවත් පොලිසිය පැවසීය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img