Tuesday, September 24, 2024
22.8 C
Sri Lanka

අලවතුගොඩ තරුණිය ඝා#තනයේ අභිරහස මාස 5 කට පසු හෙළි වෙයි – සැමියා අත්අඩංගුවට.

අලවතුගොඩ ඇල්ලකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහය හැවිරිදි කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය අලවතුගොඩ සිද්ධියෙන් මාස පහකට පසු ඇගේ සැමියා ඊයේ (23) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධනුෂිකා මධුවන්ති නමැති කාන්තාවගේ මළ සිරුර පසුගිය මාර්තු 11 වැනිදා සොයා ගනු ලැබුවේ ඇගේ නිවෙස ආසන්නයේ කුඹුරක මඩේ සඟවා තිබියදීයි.

මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ඒගර් නිල සුනඛයා යොදා පරීක්ෂණ පැවැත්වීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

එම පුද්ගලයා ඝාතනයට ලක් වූ කාන්තාවට අයුතු යෝජනා කළ බවටද තොරතුරු අනාවරණය තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර ආසන්නයේ කුඹුරේ මඩ තුළ එරී තිබියදී සෙරෙප්පුවක් සොයා ගත් අතර එය අදාළ කාන්තාවගේ සැමියාගේ බව හෙළි වීමත් සමඟ ඔහු දෙසටද සැකය යොමු වුණා.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත්තද විමර්ශන අඛණ්ඩව කළ පොලිසියට මියගිය කාන්තාවගේ සැමියාගේ සම්බන්ධයක්ද මෙම ඝාතනයට ඇති බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව පොලීසිය ඊයේ (23) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලකගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කෙරෙනවා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img