Sunday, May 3, 2026
23.8 C
Sri Lanka

අලවතුගොඩ තරුණිය ඝා#තනයේ අභිරහස මාස 5 කට පසු හෙළි වෙයි – සැමියා අත්අඩංගුවට.

අලවතුගොඩ ඇල්ලකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහය හැවිරිදි කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය අලවතුගොඩ සිද්ධියෙන් මාස පහකට පසු ඇගේ සැමියා ඊයේ (23) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධනුෂිකා මධුවන්ති නමැති කාන්තාවගේ මළ සිරුර පසුගිය මාර්තු 11 වැනිදා සොයා ගනු ලැබුවේ ඇගේ නිවෙස ආසන්නයේ කුඹුරක මඩේ සඟවා තිබියදීයි.

මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ඒගර් නිල සුනඛයා යොදා පරීක්ෂණ පැවැත්වීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

එම පුද්ගලයා ඝාතනයට ලක් වූ කාන්තාවට අයුතු යෝජනා කළ බවටද තොරතුරු අනාවරණය තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර ආසන්නයේ කුඹුරේ මඩ තුළ එරී තිබියදී සෙරෙප්පුවක් සොයා ගත් අතර එය අදාළ කාන්තාවගේ සැමියාගේ බව හෙළි වීමත් සමඟ ඔහු දෙසටද සැකය යොමු වුණා.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත්තද විමර්ශන අඛණ්ඩව කළ පොලිසියට මියගිය කාන්තාවගේ සැමියාගේ සම්බන්ධයක්ද මෙම ඝාතනයට ඇති බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව පොලීසිය ඊයේ (23) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලකගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කෙරෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img