Tuesday, May 5, 2026
23.1 C
Sri Lanka

“මම තනියම ඉන්නවා කියලා තීරණය කරලා ඉවරයි අම්මේ” මේ ඒ ගැන එයාගේ අම්මා කියලා තියෙන කතාව

ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණානේ.

මොකද ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ සෙයින් මේ විවාහය ගැන කතා බහට ලක්වුණා වගේම හැමෝගෙම අවධානයත් ඒ වෙත එල්ල වෙලා තිබුනා.

කොහොම වුනත් ශලනිගේ සැමියා “නිහත” ගැන විවාහය සිද්ධ වන තුරුම කිසිදු පාර්ශවයකින් හෙළිකර තිබුනේ නැහැ.

නිහත-ශලනි හමුව කොහොමද සිද්ධ වුණේ,මේක ප්‍රේම සම්බන්ධයක්ද,නැත්නම් විවාහ යෝජනාවක්ද කියලා දැනගන්න ශලනිට ආදරය කරන ගොඩාක් අය කැමති ඇති.

මේ ඒ ගැන ශලනිගේ මව රංගන ශිල්පිනී නිර්මා කියලා තිබුනේ මෙහෙමයි.

“මගේ යාළුවෙක් තමයි නිහත පුතා ගැන මුලින්ම කිව්වේ.

ඇත්තටම මේක විවාහ යෝජනාවක්.

ශලනිට ආව විවාහ යෝජනා එකකටවත් එයා කැමති වුනේම නැහැ.

මම යෝජනාවක් ගෙනාවොත් මාත් එක්ක හරියට තර්ක කලා.

අඩුම තරමේ ගේන යෝජනාවල ෆොටෝ එකක්වත් බලන්න එයා කැමති වුනේ නැහැ.

ශලනි හිටියෙම එයා විවාහ වෙන්නෙ නැහැ බලකරන්න එපා කියන මතයේමයි.

මම තනියම ඉන්නවා කියලා තීරණය කරලා ඉවරයි අම්මේ කරදර කරන්න එපා කියලා ශලනි මාත් එක්ක හරියට රණ්ඩු කලා.

විවාහ වෙන්නෙ නැහැ කියන තීරණයේ එයා තදින්ම හිටියා.

යෝජනා ගේනවට හරිම තරහයි.

අම්මෙක් විදිහට මට එයාව තනිවෙන්න ඉඩ දෙන්න බැහැනේ.

බැනුම් අහන ගමන් මමත් යෝජනා ගෙනාවා.”

මෙහෙම හිටපු ශලනි නිහතට කැමතිද කියලා අහන්න ෆොටෝ එක ශලනි ලඟට යවලා තියෙන්නෙ ශලනිගේ නංගිගේ අතේ.

ඊට පස්සෙ මේ ෆොටෝ එක දැකපු ශලනි කියලා තියෙන්නේ හිතේ මැවිලා තිබුනා නම් රූපයක් ඒ තමයි මේ කියලා.

ඉතින් දැන් ශලනිගේ ආදරණීය සැමියා නිහත ඇයගේම වෙලා තියෙන්නෙ මෙහෙමයි.
(ලංකාදීප)

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img