Friday, September 27, 2024
21.9 C
Sri Lanka

“මම තනියම ඉන්නවා කියලා තීරණය කරලා ඉවරයි අම්මේ” මේ ඒ ගැන එයාගේ අම්මා කියලා තියෙන කතාව

ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණානේ.

මොකද ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ සෙයින් මේ විවාහය ගැන කතා බහට ලක්වුණා වගේම හැමෝගෙම අවධානයත් ඒ වෙත එල්ල වෙලා තිබුනා.

කොහොම වුනත් ශලනිගේ සැමියා “නිහත” ගැන විවාහය සිද්ධ වන තුරුම කිසිදු පාර්ශවයකින් හෙළිකර තිබුනේ නැහැ.

නිහත-ශලනි හමුව කොහොමද සිද්ධ වුණේ,මේක ප්‍රේම සම්බන්ධයක්ද,නැත්නම් විවාහ යෝජනාවක්ද කියලා දැනගන්න ශලනිට ආදරය කරන ගොඩාක් අය කැමති ඇති.

මේ ඒ ගැන ශලනිගේ මව රංගන ශිල්පිනී නිර්මා කියලා තිබුනේ මෙහෙමයි.

“මගේ යාළුවෙක් තමයි නිහත පුතා ගැන මුලින්ම කිව්වේ.

ඇත්තටම මේක විවාහ යෝජනාවක්.

ශලනිට ආව විවාහ යෝජනා එකකටවත් එයා කැමති වුනේම නැහැ.

මම යෝජනාවක් ගෙනාවොත් මාත් එක්ක හරියට තර්ක කලා.

අඩුම තරමේ ගේන යෝජනාවල ෆොටෝ එකක්වත් බලන්න එයා කැමති වුනේ නැහැ.

ශලනි හිටියෙම එයා විවාහ වෙන්නෙ නැහැ බලකරන්න එපා කියන මතයේමයි.

මම තනියම ඉන්නවා කියලා තීරණය කරලා ඉවරයි අම්මේ කරදර කරන්න එපා කියලා ශලනි මාත් එක්ක හරියට රණ්ඩු කලා.

විවාහ වෙන්නෙ නැහැ කියන තීරණයේ එයා තදින්ම හිටියා.

යෝජනා ගේනවට හරිම තරහයි.

අම්මෙක් විදිහට මට එයාව තනිවෙන්න ඉඩ දෙන්න බැහැනේ.

බැනුම් අහන ගමන් මමත් යෝජනා ගෙනාවා.”

මෙහෙම හිටපු ශලනි නිහතට කැමතිද කියලා අහන්න ෆොටෝ එක ශලනි ලඟට යවලා තියෙන්නෙ ශලනිගේ නංගිගේ අතේ.

ඊට පස්සෙ මේ ෆොටෝ එක දැකපු ශලනි කියලා තියෙන්නේ හිතේ මැවිලා තිබුනා නම් රූපයක් ඒ තමයි මේ කියලා.

ඉතින් දැන් ශලනිගේ ආදරණීය සැමියා නිහත ඇයගේම වෙලා තියෙන්නෙ මෙහෙමයි.
(ලංකාදීප)

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img