Saturday, September 28, 2024
22.3 C
Sri Lanka

අස්වැසුම ඇතුළු දීමනාව ලැබෙන දවස මෙන්න.

2024 අයවැය සදහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය හෙට (28) සිට ලබන මස 10 වනදා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ ඒ අමාත්‍යාංශවල විෂය භාර අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමඟ අදාළ සාකච්ඡා සිදුකරන බවයි.

කෙසේ නමුත් මෙවර අය-වැය යෝජනාව අභියෝගාත්මක එකක් වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්, වැඩිහිටි සහනාධාරය, වකුගඩු රෝග සහනධාරය, සමෘද්ධි සහ අස්වැසුම ඇතුළු ප්‍රතිලාභ හිමිවිය යුතු පුද්ගලයන් සදහා පළමු අදියරේ සියලු දීමනා එළැඹෙන සතියේ සිට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබේ.

එහි දී අස්වැසුම දීමනා සඳහා රුපියල් බිලියන 5.4ක මුදලක්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්, වැඩිහිටි දීමනා හා වකුගඩු රෝගීන් සඳහා රුපියල් බිලියන 1.8ක් හා සමෘද්ධි දීමනාව හිමි වී ඇස්වැසුම ලේඛනයට ඇතුළත් නොවීම නිසා අභියාචනා විමර්ශනය වන පුද්ගලයන් සඳහා රුපියල් බිලියන 1.2ක් වෙන් වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේ අභියාචනා විමර්ශනය වන පවුල් ඒකක ගණන 396,000ක් වන බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

නව සුබසාධන මණ්ඩල සභාපති පත් කිරීමේ කටයුතු, යම් නීතිමය තත්ත්වයක් හේතුවෙන් ප්‍රමාද වූ බවත් මේ වන විට නව සභාපතිවරයා පත්කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මහා භාණ්ඩාගාරය මුදල් සූදානම් කර ඇති බව පවසන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, එම දීමනා එළැඹෙන සතියේ සිට ලබාදීමට නියමිත බව අවධාරණය කරයි.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img