Wednesday, May 6, 2026
29.3 C
Sri Lanka

ආයෙත්ක මේ තැන්වල සරුංගල් යැවීම තහනම්.

මගී ගුවන් යානාවලට විශාල අනතුරක් සිදු විය හැකි බැවින් රත්මලාන, කටුනායක, මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිත කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් තොටුපොළ පාලනාධිකාරිය පවසනවා.

මේ බව ජනතාවට දැනුම්දීම සඳහා ගුවන් තොටුපළ විසින් ජංගම රථයක් යොදවා තිබෙනවා.

THE CEYLON AIR NAVIGATION REGULATIONS, 1955 ගුවන් සංචරණ රෙගුලාසි 1955 පනතේ 248 වගන්තියට අනුව සරුංගලයක් හෝ කිසියම් ආකාශ වස්තුවක් ගුවන්ගත කරන්නේ නම් ඒ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලිඛිත අනුමැතියක් තිබිය යුතු වෙනවා.

ගුවන් තොටුපොළ පාලනාධිකාරිය පවසන්නේ ගුවන් යානා නීතියට අනුව කිලෝමීටර් පහක ප්‍රමාණයක් ඇතුළත අඩි 300ක් හෝ ඊට ඉහළ ආකාශයේ සරුංගල් යැවීම සහ ඩ්‍රෝන යානා පා කිරීම තහනම් බවයි.

ගුවන් යානා ධාවනයේදී සරුංගල් පා කිරීමට ගන්නා ඝනකම් තංගුස් නූල ගුවන් කලාපයට විවෘත තර්ජනයක් වෙනවා.

ගුවන් යානාවල ආරක්ෂාවට මෙම නීති රෙගුලාසි පනවා ඇති අතර
මේ අගෝස්තු මාසය සරුංගල් මාසය වන බැවින් මේ දිනවල සරුංගල් සඳහා කඹ වැනි නූල් වර්ග භාවිත කිරීම ගුවන් යානාවලට ඇති කරන්නේ දැඩි අනතුරුදායක තත්ත්වයක්.

එම නිසා කටුනායක, මත්තල, යාපනය, මඩකලපුව අවට අහසේ සරුංගල් යෑවීමෙන් වළකින ලෙස පාලනාධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගුවන් තොටුපොළ පාලනාධිකාරිය විසින් ප්‍රදේශ රැසක ජංගම ශබ්ද විකාශන රථ යොදවා සිදු විය හැකි අනතුර ගැන නිරතුරුව දැනුම්වත් කිරීම් සිදු කළ ද සරුංගල් යැවීම නිතර සිදු කරන බවයි ඔවුන් පවසන්නේ.

එම පාලනාධිකාරිය වැඩිදුරටත් පවසන්නේ මේ දැනුම්දීම ළමා සහ තරුණ පිරිසගේ විනෝදාස්වාදයක් වන සරුංගල් යැවීමට කිසිසේත්ම එරෙහි වීමක් නොවන බවත්, ගුවන් මගීන්ගේ ජීවිත පිළිබඳව පවතින අවදානම ගැන සිතා ගත් තීරණයක් බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img