Wednesday, May 6, 2026
29.3 C
Sri Lanka

රන් පදක්කම හිමිකරගත් ඇස් ඇදහිය නොහැකි ධාවනය.

මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළේ අවසන් ඉසව් දෙක ලෙස පිරිමි සහ කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව් දෙක ක්‍රියාත්මක විය.

එම ඉසව් අතරින් කාන්තා මීටර 400 සහාය දීවීමේ ඉසව්වේ අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය.

එම ඉසව්වේ අවසන් යෂ්ඨි හුවමාරුව වනවිට ජැමෙයිකාව පෙරමුණේත්, මහා බ්‍රිතාන්‍ය දෙවන ස්ථානයේත්, නෙදර්ලන්තය තුන්වන ස්ථානයේත් පසුවුණි.

තරගයේ අවසන් මීටර 20ට ලඟාවන තෙක්ම පිලිවෙලින් එම කණ්ඩායම් තුන පළමු ස්ථාන තුනේ රැඳී සිටියත්, නෙදර්ලන්තය වෙනුවෙන් අවසන් වටයේ ධාවනයේ යෙදුනු ෆෙම්කේ බොල් අවසන් මීටර කිහිපයේදී විශිෂ්ඨ ධාවනයක යෙදුණි.

ෆෙම්කේ බොල් අවසන් මීටර 15දී මහා බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව පසුකර ගිය අතර අවසන් මීටර් කිහිපයේදී ජැමෙයිකා ක්‍රීඩිකාව පසුකර යමින් නෙදර්ලන්තයට රන් පදක්කම හිමිකර දුන්නාය.

මීටර 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ අවසන් මීටර 5දී පමණ පය පැටලීම හේතුවෙන් ෆෙම්කේ බොල් බිම ඇදවැටීම හේතුවෙන් නෙදර්ලන්තයට හිමිවීමට තිබූ රන් පදක්කම අහිමිවී ගියත්, කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව්වේ අවසන් මීටර 5දී ඇය නෙදර්ලන්තයට නොතිබූ රන් පදක්කමක් හිමිකරදීමට සමත්විය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img