Wednesday, May 6, 2026
29.7 C
Sri Lanka

“අපිට තිබ්බොත් අපිත්ම තියනවා.” ඇමති ටිරාන් පාතාලයට අ#නතුරු අඟවයි.

පාතාලය විසින් සිදු කරනු ලබන අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් ඇතැයි තමන් පිළිගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (අගෝ. 28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ දක්වා වාර්තා වුණු සිදුවීම් අතරින් බොහොමයක් පාතාල සාමාජිකයින් අතර සිදුවූ වෙඩි තැබීම් බව ද ඔහු සඳහන් කළේ ය.

අමාත්‍යවරයා අවධාරණය කළේ, කෙසේ හෝ පාතාලය මැඩපැවැත්වීමට පියවර ගන්නා බව ය.

“පාතාලයේ සිද්ධි වැඩි වෙලා තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒ හුඟක් ම පාතාලයේ කට්ටිය ම එක එක්කෙනාට වෙඩි තබා ගැනීම්. ඒ වගේ ම වෙඩි තබලා සුමාන ගාණකින් අපි සියලු දෙනා ම අල්ලා ගෙනත් තියෙනවා. දැන් දකුණු පළාතේ ගත්තොත් කුඩාවැල්ලේ වෙඩි තබපු පුද්ගලයා, එතකොට මේ කෙසෙල්වත්තේ වෙඩි තබපු පුද්ගලයා ඒ සියලු දෙනා ම පහුගිය සති දෙක ඇතුළදී අපි අත්අඩංගුවට ගත්තා. ඉතින් ඔවුන් ඔවුන්ගේ වැඩකටයුතු කර ගෙන යනවා, අපි ත් ඒකට හරියන්න අපෙත් එක එක ප්ලෑන්ස් තියෙනවා. අපි ඒ විධියට පොලිසිය ද එස්ටීඑෆ් එක ද ඒ සියලු දේ මෙහෙයවලා, එකක් තියෙන්නේ අපි කොහොම හරි මේක මැඩ පවත්වනවා.”

එහිදී අමාත්‍යවරයා විසින් පාතාල සාමාජිකයින් වෙත අනතුරු ඇඟවීමක් ද සිදු කළේ ය.

“මට පාතාලයේ අයට කියන්න තියෙන්නේ, ඒ ගොල්ලන් හිතනවා නම් වෙඩි තියලා බේරිලා යන්න පුළුවන් කියලා අපි මේ රටේ කොහෝ හිටියත් ඒ ගොල්ලන්ව අල්ලා ගන්නවා. ඒ වගේ ම අපි අල්ලන්න ගියා ම වෙඩි තියන සිද්ධි තියෙනවා. එහෙම වුණොත් ඉතින් අපිත් අනිත් පැත්තට වෙඩි තියනවා. ඒකෙ ආයෙත් හංගන්න දෙයක් නැහැ. ඒ වගේ ම තමයි, මට මතක නෑ හරියට කොහෙ ද දකුණු පළාතේ අර තව ෂූටර් කෙනෙක් එයාගේ ගෙදරට ගියා ම වෙඩි තිබ්බා. ඉතින් එස්ටීඑෆ් එකෙන් වෙඩි තිබ්බා, එයා නැති වුණා. අපි ඒ ඔපරේෂන්ස් කරන්න ඕනේ විධියට දිගට ම කරන වා. බොහෝ ම තදින් කරනවා. කිසි ම අපි මේ ඒ ගොල්ලන්ට ලේසියෙන් දේවල් කරන්න ඉඩ තියන්නේ නැහැ.”

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පාතාල ක්‍රියා කෙටි කාලයකදී මැඩපැවැත්විය නොහැකි බව ය.

පසුගිය දා දකුණු පළාත පුරා විශාල මෙහෙයුමක් දියත් කළ බව ත් එහි ප්‍රතිඵලයක් ලෙස ගත වුණු දින 52ක පුරා එම ප්‍රදේශයෙන් පාතාල ක්‍රියා වාර්තා නොවුණු බව ත් ඔහු වැඩිදුරට ත් පැවසීය.

“හැබැයි මෙහෙම දේවල් වෙනකොට අපිට ඕක පැය 24න්, 48න් නවත්තන්න බැහැ. දැන් දකුණු පළාතේ අපි ලොකු ඔපරේෂන් එකක් කරලා අපිට අවශ්‍ය විධියට යුනිට්ස් දාලා, චෙක්පොයින්ට්ස් දාලා ඔක්කො ම කරපු එකෙන් ඒ දවස්වල හැමදා ම වගේ තිබුණා. ඊට පස්සේ දැන් දවස් 52කට විතර කිසි ම දෙයක් වුණේ නැහැ. දැන් ඊට පස්සේ ඉඳන් වෙන තැන්වල පටන් ගෙන තියෙනවා. නමුත් අපි කොහෝ ගියත් අනිවාර්යයෙන්, මේකට මම වෙන ම කමිටුවක් දාලා තියෙනවා. මේක හැන්ඩ්ල් කරන්න. අපි අනිවාර්යයෙන් ම ඔවුන් පස්සේ ලුහුබඳිනවා. ලුහුබැඳලා අපි ඒක නවත්වන්නවා. පාතාලේ කියන්නේ මත්ද්‍රව්‍ය එක්ක සම්බන්ධ වෙලා යන වැඩපිළිවෙළක්.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img