Tuesday, February 3, 2026
22.7 C
Sri Lanka

චන්ද්‍රයා අද 14%ක් අද පෘථීවියට ලං වෙයි – බලන හැටි දැනුම් දෙයි.

අද (30) රාත්‍රී අහසේ සෙනසුරු සමඟ ඉතා විරල ගණයේ සුපිරි නීල සඳක් දැක ගැනීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

අද පුන් පොහෝ දින සන්ධ්‍යාවේ පූර්ණ චන්ද්‍රයා දැක ගත හැකි වුවද මෙම සුපිරි නීල සඳ නැරඹීමට හොඳම වේලාව වන්නේ අද රාත්‍රිය ගෙවී ගොස් පසු දින උදෑසන 5.00ට පමණ බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ඒ ආසන්නයේම ඉතා දීප්තිමත්ව සෙනසුරු ග්‍රහයා ද දැක ගැනීමට හැකියි.

මෙවැනි සුපිරි නීල සඳක් නැවත දැක ගත හැකි වන්නේ, 2037 ජනවාරි මාසයේ බවත්, 2025 නොවැම්බර් වන තෙක් සඳ නැවතත් මෙතරම් සමීප නොවනු ඇති බව‍ත් මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එකම මාසයක පුර පසළොස්වක සඳ දෙකක් පවතින විට දෙවන පුර පසළොස්වක පොහොය සඳ නිල් සඳ ලෙස හැඳින්වෙනවා. මෙය නමක් පමණක් වන අතර සඳ සැබැවින්ම නිල් පැහැයෙන් දිස් වන්නේ නැහැ.

චන්ද්‍රයා තම කක්ෂයේ පෘථිවියට ඉතා ආසන්නව සිටින විට පූර්ණ චන්ද්‍රයා ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේ දැක ඇති පූර්ණ චන්ද්‍රයන්ට වඩා අද දින 14% කින් විශාල වන අතර 30%ක පමණ දීප්තියකින් යුක්ත වනු ඇති.

පුර පසළොස්වක පෝය දිනවල චන්ද්‍රයාගේ ප්‍රමාණය හා දීප්තිය මාසෙකින් මාසයකට තරමක් වෙනස් වන්නේ පෘථිවිය වටා ඇති චන්ද්‍රයාගේ කක්ෂයේ ඉලිප්සාකාර හැඩය නිසයි.

හෙට (31) පෙ.ව 7.05ට පෘථිවියට කි.මී 357344 ක් පමණ දුරකින් චන්ද්‍රයා පෘථිවියට සමීප වෙනවා.

සඳ පෘථිවියට ළං වීම නිසා ඇති වන ගුරුත්වාකර්ෂණයේ වැඩි වීම මත වඩදිය මට්ටමේ වැඩි වීමක් ඇති විය හැකි නමුත් භූමි කම්පා, කුණාටු ඇති වන බවට වන කටකතා සත්‍යයෙන් තොර බව ද මහාචාර්යවරයා පැවසුවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img