Monday, September 30, 2024
22.2 C
Sri Lanka

ස්ථාවර තැන්පතු මත 5%ක රඳවා ගැනීමේ බද්ද ආපසු ගෙවයි.

– සැප්. 10 දා සිට ක්‍රියාත්මකයි

මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන්නේ නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී හා බදු ආදායම් මත අය කරන සියයට 05ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර් 10 වැනිදායින් පසු ආපසු ගෙවීමට රජය තීරණය කර ඇත. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රඳවා ගැනීමේ බද්ද අය කිරීමේ ඇති සානුකම්පිතභාවය පිළිබඳ මුදල් ඇමැතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සලකා බලා මේ තීරණය ගත් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරින්ගේ සංගමයේ 10 වැනි සංවත්සරික මහ සභාව ඊයේ (29) දහවල් කොළඹ කොටුව කිංස්බරි හෝටලයේ පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා,

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පමණක් නොව වසරකට රුපියල් ලක්ෂ 12කට වඩා පොලී ආදායමක් ලබන අයගෙන් සියයට 5ක රඳවා ගැනීමේ බද්දක් මේ වසරේ (2023) ජනවාරි 01 වැනිදා සිට කියාත්මක කළා. නමුත් මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ රඳවා ගැනීමේ බද්ද නැවත ආපසු ගෙවන්නැයි ඉල්ලීම් ගණනාවක් ඇවිත් තිබෙනවා.

අපි ඒ පිළිබඳ සානුකම්පිතව සලකා බලා රඳවා ගැනීමේ බද්දට සියයට 05ක් කපාගෙන ඇති මාසයකට රුපියල් ලක්ෂයට වඩා අඩු පොලී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ කපාගත් මුදල ගෙවන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළා. ඒ අනුව ලබන සැප්තැම්බර් 10 වැනිදා සිට කපාගත් මුදල ආපසු ගෙවීමට ඔවුන් එකඟතාව පළ කළා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා අඩු නම්, අවුරුද්දකට පොලී ආදායම ලක්ෂ 12ට අඩු නම් මේ රඳවා ගැනීමේ බදු ආපසු ගෙවන්න පියවර ගන්න යැයි රාජ්‍ය ඇමැතිවරයා මේ හමුවේදී ඉල්ලීමක් ද කෙළේය. ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (රාජ්‍ය ආදායම්) එම්.ජේ. ගුණසිරි, ආදායම් කොමසාරිස් ජනරාල් එම්.එස්.එම්. ෂියාම් යන මහත්වරු ද මෙහිදී කතා කළහ.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img