Wednesday, October 2, 2024
21.1 C
Sri Lanka

“කිසිම ආත්මෙක මට කලින් ඉස්සර වෙන්න එපා බබා” – අවසන් ගමන් ගිය සැමියා ගැන බිරිඳ තැබූ සංවේදී සටහන.

ජීවිතේ කියන්නෙම අවිනිශ්චිත ගමනක්.

අපි ආදරේ කරන, අපේ ආත්මයම වුණු මිනිස්සු ක්ෂණයකින් අපෙන් ඈතට යන්න පුළුවන්.

හීන හුඟක් අතරමඟ දාලා, තමන්ට පණ ඇරපු උන්ව අඬවලා එහෙම නොහිතපු මොහොතක යන්නෙ කොහොමද ? දෛවය ඒ තරම් ම නපුරුයිද?

ඔහු රවිඳු සහන්.

ඔහුට දිවි අහිමි වෙන්නෙ දුම්රිය අනතුරකින්.

දුම්රියේ ගැටී මොහොතකින් පසෙකට විසිවී සිදුවූ අනතුර ඔහුගේ ආත්මයම මෙහෙන් අරන් යනවා.

පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු වූ රවිඳු සහන් 25 හැවිරිදි තරුණයෙක්.

විවාහකයෙක් වන රවිඳුගේ අකල් මරණය මේ වනවිට මුළු සමාජ මාධ්‍ය තුළම දැඩි කතා බහකට ලක්ව තිබුණු අයුරු ඔබට මතක ඇති.

ආයෙමත් මේ විදියට ඔහුගේ ආදරණීය මතකය අළුත් කරලා තිබුණෙ, ඔහුගේ බිරිඳ.

ඇය එවන් සටහනක් තබා තිබුණේ ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙන්.

‘Happy 1st wedding anniversary my husband

අනේ අද ඔයා මගේ ලග හිටිය නම්. අවුරැදු 5ක් ආදරේ කරලා ඔයාගේ ලගම හිටිය මාව ලස්සන මනමාලියක් කරලා ඔයාගෙම කරගන්න ඔයා හීන දැක්ක විදිය මං විතරයි දන්නෙ..

අපි දෙන්නා තරම් රණ්ඩු වුන,තරහ වුණ,block කරගත්ත couple එකක් වෙන නැතුව ඇති

ඒත් හැමදාම අපි දෙන්නා එකට හිටියා. අපි අපිව තදින් අල්ලන් හිටියා. ඔයා මට හැමදාම කිව්වා බබා ඔයා වගේ කෙල්ලෙක් මට කවදාවත් ලැබෙන්නෙ නෑ කියලා

මොකද ඔයා දැනන් හිටියා මොන දේ නැති වුනත් මං ඔයා ලග ඉන්නවා කියලා..

අදටත් මං ඔයා ලග

එදා හීන බලාපොරොත්තු ගොඩාරියක් එක්ක අපි දෙන්නගේ ලෝකේ ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන මං ඔයාගේ වුනේ ජීවිතේ හැමදේම ඔයා වෙනුවෙන් කැප කරලා ඔයා ලගටම වෙලා ඉන්න..

ඒත් අද මට වෙලා තියෙන්නේ ඔයා වෙනුවෙන් පිං දෙන්න

ඔව් රත්තරං මං ඒක කරනවා..

මං වගේම ඔයත් අසරණ ඇති මැණික

මට ඔයාව දැනෙනවා මැණික ඔයාගේ සුවද තාමත් මට දැනෙනවා

කිසිම ආත්මෙක මට කලින් ඉස්සර වෙන්න එපා බබා

මට බෑ ආයිමත් කිසිම ආත්මෙක ඔයාගේ මරණය මේ ඇස් දෙකෙන් දකින්න

ඔයා හැම අතින්ම ලස්සන පිරිමි ලමෙක්. ඔයා ගොඩක් හොද ආදරවන්තයෙක්,තාත්තෙක්,හුරතල් වෙන්න ආස චූටි දරැවෙක්,ඔයා ගොඩක් හොද සැමියෙක්

ඒ හැමදේටම වඩා ඔයා දෙවියෙක් ඔයාව අදහනවා මං

මාව දරාගත්තට,මාව ඉවසුවට,වැටෙන හැමතැනම හයියක් වුනාට ඔයාට ගොඩක් පිං. හරිම ඉක්මනින් අපි අපේ වෙනවා මේ හැමදේම අත ඇරලා ඔයා ලගට ආවම දාලා නම් යන්න එපා මැණික මට ඉන්න බෑ ඔයා නැතුව

මං ඔයා වෙනුවෙන් කරන පුංචි දේකින් පවා ලැබෙන පිං අරගෙන ලස්සන ආත්මෙකට යන්න මැණික

ඒ කිසිම ආත්මෙක ඔයාට මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා

මගේ ප්‍රාර්ථනාවන් හරි අහිංසකයි

මගේ ඇස් දෙකෙන් වැටෙන කදුලක් ගානේ මං ඉල්ලන්නෙ ඔයාව

ඒ නිසා මං දන්නවා ඔයා හැම ආත්මෙම මගේ විතරක් කියලා

හැම සංසාරෙම ඔයා වෙනුවෙන් කැප වෙන්න මං බලන් ඉන්නවා. ඔයාට හිටිහැටියෙම යන්න වුනත් ඔයා ගියේ ඔයාගේ අයිතිය හැම ආත්මෙකම මටම විතරක් ලියලා

ඒ අයිතිය මං ගාව පරිස්සමට තියෙනවා.. දන්නවද මැණික මගේ අන්තිම හුස්ම ගිය ගමන් මං හොයන් එන්නේ ඔයාව

එදාට නම් අපි දෙන්නව වෙන් කරන්න කාටවත්ම බැරි වෙයි. මට හරි ආඩම්බරයි ඔයා වගේ හොද කෙනෙක්ගේ wife වෙන්න පිං කරපු එකට.

මං දන්නවා අදටත් මාව අහන් ඉන්න එකම කෙනා ඔයා කියලා.

ඉතින් මගේ සිංහයෝ හැමදේටම මාව තෝරගත්තට පිං

මට බෑ කවදාවත් ඔයාව තනි කරන්න. මං ආවොත් මාව බාරගන්න..

හැම ආත්මෙම මගේම වෙලා ඉපදෙන්න මගේ මැණික

ඔයා තමයි මේ ලෝකේ ඉන්න ආදරණීයම husband

මගේ ආදරේට සීමාවක් නෑ ඒක හැම ආත්මෙටම එහෙමයි..

මං ආදරෙයි මගෙ මැණිකට

මං එනකන් පරිස්සමින් ඉන්න.. අපි අපේ විතරයි හැමදාමත්..

ජීවිතේ අවසාන ඇබ්බැහි වීම ඔයයි මගෙ මැණික

මං ඉන්නවා ඔයා වෙනුවෙන්

-ආදරණීය බිරිද- ”

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img