Monday, February 2, 2026
20.6 C
Sri Lanka

“විදුලි බිල දරන්න බෑ..” පාකිස්තාන වැසියන් පාරට බහියි.

දැරිය නොහැකි විදුලි බිල් ලැබීම හේතුවෙන් පාකිස්තාන ජනතාව පාරට බැස විදුලි බිල් ගිනි තබමින් විරෝධය ප්‍රකාශ කර තිබේ.

ජනතාව විදුලි බිල හේතුවෙන් පීඩාවට පත් වී සිටින අවස්ථාවේ ඔවුන්ට සහන ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙන තෙක් පාකිස්තාන බාරකාර රජය බලා සිටින බවට එරට ජනතාව චෝදනා එල්ල කර ඇත.

බාරකාර රජයේ අග්‍රාමාත්‍ය අන්වර් උල් හක් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) පැවති කැබිනට් රැස්වීමේදී පවා විදුලි බිල පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබා දීමට බාරකාර රජය අසමත් වී ඇත.

විදුලි බිල කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා අනුමැතිය ලබා දෙන තෙක් බාරකාර රජය බලා සිටින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

පාකිස්තාන බාරකාර රජය විදුලි පාරිභෝගිකයන්ගේ ගැටලුව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේදී ලබා දිය හැකි සහන පිළිබඳව ඉතාමත් ඉක්මණින් නිවේදනයක් නිකුත් කරන බවත් අමාත්‍ය මුර්ටසා සොලාංගි මෙම ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img