Wednesday, October 2, 2024
22.5 C
Sri Lanka

දේපොළ හරකා බාන දන් දී පවුල පිටින්ම සසුන් ගත වෙයි.

කෙලෙස් බර ලෝකය පිටු දකිමින් පදිංචි නිවහන සහ ඉඩම ඇතුළු, තමන් සතු වටිනා සම්පත් සියල්ලම, මෙහෙණි ආරාමයකට පූජා කොට මව,දියණිය, බෑණා සහ තවත් දස දෙනෙක් ඇතුළු දහතුන් දෙනෙක් කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව දී පැවිදි දිවියට ඇතුළත් වුහ.

මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වූයේ, කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව පදිංචි ධනවතී හේරත් (56) උපාධිධාරී ගුරුවරියක් වන ඇගේ දියණිය වත්සලා දුෂ්මන්ති අබේරත්න (33) සහ ඇයගේ සැමියා වන තිස්තුන් හැවිරිදි කාර්මික ශිල්පියකු වන නුවන් මධුසංඛ යන තිදෙනා ඇතුළු දස දෙනෙකි.

මෙම එකම පවුලේ තිදෙනා ඇටඹගස්කඩ ගෝසිංග වන අරණ සේනාසනාධිපති කැබිතිගොල්ලෑවේ අමර තිස්ස ස්වාමීන් වහන්සේගේ මව ,නැගණිය, සහ මස්සිනා වීම විශේෂත්වයකි.

ඒ අතර වයස අවුරුදු 56 සහ 59 වයස් කාණ්ඩවල පසුවන තවත් මව්වරු දෙදෙනකුද එදින සසුන්ගත වූ අතර, එම මව්වරු දෙදෙනාද ගෝසිංග වන අරණෙහි වැඩවසන ස්වාමීන් වහන්සේ දෙනමකගේ මෑණිවරු දෙදෙනෙකි.

පැවිදි දිවියට ඇතුළත් වූ සෙසු අට දෙනා වයස අවුරුදු 48, 44, 32, 31, 30, 29 27, 23 , යන වයස් කාණ්ඩවල පසුවන කුරුණෑගල, මීගලෑව, මාවනැල්ල, මොණරාගල, කොළඹ, අවිස්සාවේල්ල, කන්තලේ, ගල්ගමුව, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම පිරිස ද රැකියාවල නිරත වූවෝ වෙති.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img