Monday, February 2, 2026
23.5 C
Sri Lanka

දේපොළ හරකා බාන දන් දී පවුල පිටින්ම සසුන් ගත වෙයි.

කෙලෙස් බර ලෝකය පිටු දකිමින් පදිංචි නිවහන සහ ඉඩම ඇතුළු, තමන් සතු වටිනා සම්පත් සියල්ලම, මෙහෙණි ආරාමයකට පූජා කොට මව,දියණිය, බෑණා සහ තවත් දස දෙනෙක් ඇතුළු දහතුන් දෙනෙක් කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව දී පැවිදි දිවියට ඇතුළත් වුහ.

මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වූයේ, කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව පදිංචි ධනවතී හේරත් (56) උපාධිධාරී ගුරුවරියක් වන ඇගේ දියණිය වත්සලා දුෂ්මන්ති අබේරත්න (33) සහ ඇයගේ සැමියා වන තිස්තුන් හැවිරිදි කාර්මික ශිල්පියකු වන නුවන් මධුසංඛ යන තිදෙනා ඇතුළු දස දෙනෙකි.

මෙම එකම පවුලේ තිදෙනා ඇටඹගස්කඩ ගෝසිංග වන අරණ සේනාසනාධිපති කැබිතිගොල්ලෑවේ අමර තිස්ස ස්වාමීන් වහන්සේගේ මව ,නැගණිය, සහ මස්සිනා වීම විශේෂත්වයකි.

ඒ අතර වයස අවුරුදු 56 සහ 59 වයස් කාණ්ඩවල පසුවන තවත් මව්වරු දෙදෙනකුද එදින සසුන්ගත වූ අතර, එම මව්වරු දෙදෙනාද ගෝසිංග වන අරණෙහි වැඩවසන ස්වාමීන් වහන්සේ දෙනමකගේ මෑණිවරු දෙදෙනෙකි.

පැවිදි දිවියට ඇතුළත් වූ සෙසු අට දෙනා වයස අවුරුදු 48, 44, 32, 31, 30, 29 27, 23 , යන වයස් කාණ්ඩවල පසුවන කුරුණෑගල, මීගලෑව, මාවනැල්ල, මොණරාගල, කොළඹ, අවිස්සාවේල්ල, කන්තලේ, ගල්ගමුව, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම පිරිස ද රැකියාවල නිරත වූවෝ වෙති.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img