Monday, February 2, 2026
22.3 C
Sri Lanka

නිළියගේ අම්මා දුව හරහා සැප සම්පත් ඉෂ්ඨ කරගන්නවා. ජනාදරී ශලනිවත් ඇගේ අම්මවත් පතුරු ගහයි.

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා.

ඒකට හේතුව තමයි ඇයගේ විවාහය.

උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා.

ශලනිගේ විවාහය ගැන මුහුනුපොතේ හරි හරියට කතා වෙනවා.

ශලනිගේ විවාහයත් එක්ක හුඟක් අයගේ ඇහැ ගැටුණේ අනෝමා ජනාදරීගේ ෆේස්බුක් පෝස්ට් එකකට.

ජනාදරී ඒක ඇතුළේ ‌දෙපාරක් නොහිතාම ශලනිව තදින්ම විවේචනය කරලා තිබුණා.

මේක එහෙම් පිටින්ම ඔවුන් අතරම වුණූ ඉපැරණි සීතල යුද ගැටුමක් කියලත් කෙනෙක්ට කියන්න බැරි නැහැ.

එහෙම වුණත් ජනාදරී මේ දැනුත් තර්ක කරන්නෙ ශලනිට රංගන හැකියාවක් නැහැ කියන තැන ඉඳලයි.

ජනාදරී ඉන් නොනැවතී දිගින් දිගට ම සමාජ මාධ්‍ය හරහා ශලාට දැවැන්ත අයුරින් පහර දී තිබුණා.

මේ ඇය ඇගේ මුහුණු පොතේ පළ කෙරූ නවමත සටහන පහතින්,

මම සමාජ මාධ්‍යයට ඇවිත් වසර 20 කට ආසන්නයි.

වසර 20කට කළින් මම සමාජය ඉස්සරහට ආවේ මට සිද්ධ වුණු වෘත්තීයමය අසාධාරණයක් ගැන කියන්න…ඒ කතාව කියනකොට මට පෙනුණා සමාජයේ විවිධ වෘත්තීන් වල නියැලි කාන්තාවෝ මම මුහුණ දෙමින් ඉන්න අසාධාරනයටම මුහුණ දෙමින් නිහඬවම ජීවත් වෙනවා…මගේ නිළි වෘත්තීය ඇතුළෙත් ගැහැණු තමුන්ගේ නිළිකම කරන්නේ එවැනි බාධක මැද…

ඊ ලඟට මම කල්පනා කළා මගේ වෘත්තීය ඇතුළේ එකමුතුවක් හදන්න…අනෙක් වෘත්තීන් ඇතුළේ කාන්තාව එකමුතු කරන්න…ඒත් වසර 20 කට කළින් සමාජ මාධ්‍යයේ ගැහැණු ළමයි හෝ වැඩිමල් කාන්තාවක්වත් ප්රෝෆයිලයක් හදාගෙන තිබුණේ නැහැ…කිහිප දෙනෙක් හිටියා ඒ අය තමන්ගේ ඇත්ත නම හංගාගෙන හිටියේ…මොන විදිහෙන්වත් ගැහැණු ළමයි හෝ නිළියෝ එකමුතු වෙන්න බයෙන් මඟ හැරියා

මගේ වෘත්තියේ නිළි ශ්‍රමය අධ්‍යක්‍ෂකවරු සූරාගෙන කන බව මම කෑ ගහලා කියනකොට මම දැක්කා අනෙක් නිළියෝ සූරා කෑමට නිහඬවම ලක් වෙන හැටි..ඒකට හේතුව ඔවුන් රඟපෑම නූගත් අය නිසා…තව සමහර තරුණ නිළියෝ ප්‍රසිද්ධියේ කිව්වා එයාලා රඟපෑම ඉගෙන ගෙන නැහැ කියලා.

මම ජාත්‍යන්තර අවධානයට 3 වරක් පාත්‍ර වුණු නිළියක් හැටියට මම දන්නවා අපි අපේ වෘත්තියෙන් ලෝකය ජය ගන්න නම් ශිල්ප ශාස්ත්‍ර හදාරන්නම ඕනේ කියලා…

වසර 20 කට පස්සේ අද කාන්තාවෝ ගැහැණු ළමයි බය නැතුව සමාජ මාධ්‍යයේ විවෘතව තමුන්ගේ ෆොටෝ ඵල කරගෙන අදහස් හුවමාරු කරගෙන ඉදිරියට ඇවිත් එහෙත් ලිංගික අධ්‍යාපනයෙන් නම් ඔවුන් ගෝත්‍රිකයි…කුහකයි…නිළියක් අනියමින් මුදල් හම්බ කරන්න ව්‍යාපාරිකයෙක් පොළඹවා ගැනීමට නිරුවත් වීම ඔවුන්ට එතරම් දෙයක් හැටියට දකින්නේ නැති අතරම නිළියක් තිර නාටකයේ සඳහන් නිරුවත් ජවනිකා රඟපෑමට කැමරාව ඉදිරියේ නිරුවත් වීම වනචර ක්‍රියාවක් හැටියට හංවඩු ගහලා අපහාස කරනවා…

මම හිතනවා කාන්තාවක් හැටියට අපේ කාන්තාවෝ තමුන් වෙනුවෙන්වත් ලිංගික අධ්‍යාපනය ලබන්න ඕන…

මම හිතනවා නිළියක් හැටියට අපේ නිළියෝ රඟපෑම තමුන්ගේ දියුණුව වෙනුවෙන්වත් හදාරන්න ඕනේ.එහෙම වුණොත් අපිට මේ දූපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකයා එක්ක සම අදහස් දරන්න පුළුවන්. ඒත් තරුණ නිළියන්ගේ අම්මලාට තමුන්ගේ දුව ශිල්ප ශාස්ත්‍ර හදාරලා ලෝකය ඉදිරියේ ඔස්කාර් සම්මානයට පාත්‍ර වීම දක්වා ගමන් මාර්ගයට වඩා දුව හරහා ජීවිතයේ සැප සම්පත් ඉෂ්ඨ කර ගැනීම පොහොසත් වීම වඩා වැදගත් බව ඉතිහාසයේ ඉඳන්ම පෙනෙන්නට තියෙන කාරණයක්…මට කොච්චර බැන්නත් අපහාස කළත් මම ඒකට විරුද්ධයි !

-අනෝමා ජනාදරී

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img