Thursday, October 3, 2024
28.9 C
Sri Lanka

මංගල සාදයේදී හදිසියේ අවසන් ගමන් ගිය මංජරීගේ මරණයට හේතුව හෙළිවෙයි.

“මගේ දුවට කාලයක ඉඳලා හතිය තිබුණා. වරින් වර එය වැළඳුණු අවස්ථාවලදී ඇය ඉන්හේලර් පාවිච්චි කරනවා. ඇය දිගටම බෙහෙත් ගන්නේවත්, බිව්වේවත් නැහැ.

එදා උදේ ගෝනපල හෝටලයක තිබෙන මංගලෝත්සවයකට ගියා.

එදා සවස 3.45ට පමණ ඇයගේ රැකියා ස්ථානයේ ඉහළ නිලධාරියකු දුරකථනයෙන් මට කතාකර මංජරීව හොරණ රෝහලට ඇතුළත් කළ බව කීවා.

මා රෝහලට එන අතරතුර කලින් කී නිලධාරියාම මගේ පොඩි දුවට කතා කර ලොකු දුව මියගිය බව පවසා තිබුණා.”

උඩගේ වත්තල මීගොඩ ලිපිනයේ පදිංචි කරුණාධිපති ගණිතයලාගේ සිලවතී (49) යන අය මෙසේ ප්‍රකාශ කළේ හොරණ,ගෝනපල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වෙමින් සිටියදී හදිසියේ මියගිය තරුණියකගේ මරණ පරීක්‍ෂණයේදීය.

මෙසේ මියගොස් ඇත්තේ උඩගේ වත්තල මීගොඩ ලිපිනයේ පදිංචිව සිටි ජසෙන්තු මේස්ථුගේ මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු (25) නමැති තැනැත්තියයි.

හොරණ කොට්ඨාසයේ හදිසි මරණ පරීක්‍ෂක ජී. ඩී. එස්. ජී. ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණ හදිසි මරණ පරීක්‍ෂක කාර්යාලයේ දී මරණ පරීක්‍ෂණය පැවැති අතර හොරණ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය පනීත සෙනෙවිරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කරන ලදී.

කරුණාධිපති ගණිතයලාගේ සිලවතී (49) යන අය තවදුරටත් මෙසේ සාක්කි දුන්නාය.

“මියගිය ආදිත්‍යා මගේ ලොකු දුවයි. ඇය බොන්විල් පෞද්ගලික සමාගමේ අලෙවි විධායක වශයෙන් දැනට අවුරුදු දෙකක පමණ සිට සේවය කරනවා. මගේ දුවට කාලයක ඉඳලා හතිය තිබෙනවා. ඇයට හතිය රෝගය වරින් වර ඇති වෙනවා. ඒ අවස්ථාවලදී ඇය ඉන්හේලර් පාවිච්චි කරනවා. ඇය දිගටම බෙහෙත් ගන්නේවත් බිව්වේවත් නෑ.

දුවට පරිප්පු, කඩල පරිප්පු යන ආහාර කන්නට බැහැ. ඒවා කාපු වෙලාවට ඇයට අසාත්මිකතාවයක් ඇති වෙනවා. එමනිසා ඇය එම ආහාර ගත්තේ නැහැ. එම ආහාර ගත්විටදී දුවට හුස්ම ගැනීමේ අපහසුතාවක් සමග හතිය එනවා. එම අවස්ථාවලදී දුවව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ලබාගෙන තිබෙනවා. එදා ඇයගේ රැකියා ස්ථානයේ කෙනකුගේ මංගල උත්සවයක් තිබෙනවා කීවා. උදේ 9ට විතර ගෙදරින් පිටවෙලා ඇය තනිවම ත්‍රිරෝදයකින් ගෝනපල හෝටලයක තිබෙන මංගල උත්සවයකට ගියා.

ඒ ගිය කාලය තුළ දුව මට කතා කළේ හෝ මම දුවට කතා කළේ නැහැ. එදා සවස 3.45ට පමණ ඇයගේ රැකියා ස්ථානයේ ඉහළ නිලධාරියකු වන දිනිඳු මහතා දුරකථනයෙන් මට කතා කර මංජරීව හොරණ රෝහලට ඇතුළත් කළා කීවා. ඉන් පසුව මා ඉක්මනින් හොරණ රෝහලට ආවා. රෝහලට එන අතරතුර කලින් කී දිනිඳු මහතා මගේ පොඩි දුවට කතා කර ලොකු දුව මියගිය බව පවසා තිබුණා.මම රෝහලට ගොස් මෘත ශරීරය බලා දුවගේ බව හඳුනා ගත්තා. මරණය පිළිබඳව සැකයක් නැහැ.

මෙහිදී ඇරැව්වල පන්නිපිටිය ලිපිනයේ පදිංචි දිනිඳු චන්දික ලත්පඳුර (40) යන අය මෙසේ සාක්‍ෂි දුන්නේය.

“මම වසර දෙකක පමණ කාලයක සිට බොන්විල් පෞද්ගලික සමාගමේ අලෙවි ප්‍රධානී වශයෙන් කටයුතු කරනවා. මියගිය මංජරී ආදිත්‍යා ප්‍රනාන්දුත් වසර දෙකක පමණ කාලයක සිට අපි සමග සේවය කරනවා. ඇය අප ආයතනයේ වෙළඳ විධායක ලෙස සේවය කරනවා.

එදා මංගල උත්සවයකට සහභාගිවෙලා අපි සියලු දෙනා නැටුවා. එසේ නටමින් සිටින විට ගෑණු ළමයි දෙදෙනෙක් සමග මංජරී ශාලාවෙන් පිටතට ගොස් තිබුණා. ඒ ගිය එක ළමයෙක් මා ළඟට ඇවිත් කීවා මංජරීට අමාරු බව. මා එළියට යන විටම ඇය එක්වරම ශාලාවේ පඩිය උඩ වාඩිවුණා. මම ඉක්මනට මංජරීව වාහනේක දාගෙන රෝහලට ගෙනාවා. වෛද්‍යවරු ඇයව පරීක්‍ෂා කර ප්‍රතිකාර ලබා දුන්නා. ඒත් මඳ වේලාවකින් වෛද්‍යවරු පැවසුවා ඇය මියගොස් ඇති බව.

ඉදිරිපත් වූ සාක්‍ෂි සහ සාධක මත ඇති වූ හෘදයාබාධ රෝගී තත්ත්වය මත කන ලද ආහාර ශ්වාස නාලිකාවලට යෑම නිසා හුස්ම ගැනීමට වූ අපහසුතාව මත සිදුවූ ස්වාභාවික මරණයක් බවට හදිසි මරණ පරීක්‍ෂක ජී. ඩී. එස්. ජී. ගුණවර්ධන මහතා නිගමනය කළේය.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img