Thursday, October 3, 2024
24.4 C
Sri Lanka

සයිනොපෙක් රුපියල් 03ක් අඩුවෙන් ඉන්ධන ලබා දෙයි.

චීනයේ සිනෝපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මෙරට ආරම්භ කළ පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ C & A ඉන්ධන පිරවුම්හල sinopec නමින් සිය සේවා කටයුතු ඊයේ (30දා) සිට ආරම්භ කළ බව එහි හිමිකරු චන්දිම නාලක කපුරුගේ මහතා පැවසීය.

මේ සදහා චීනයේ sinopec ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය හා ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලය පමණක් සහභාගී වී සිටීම විශේෂත්වයකි .

මීට පෙර මෙම ඉන්ධන පිරවුම්හල CEPETCO යටතේ පැවති අතර sinopec ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව sinopec නිල ලාංඡනය යටතේ මින් ඉදිරියට සේවා කටයුතු සිදුකරන බව චන්දිම කපුරුගේ මහතා වැඩිදුරටත් කීය.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවත්වාගෙන ආ සියළුම වර්ණ සංකේත ඉවත්කොට sinopec ආයතන සතු වර්ණ සංකේත හා නිල ඇඳුම් භාවිතා කරමින් මින් ඉදිරියට සේවා කටයුතු සැලසේ.

නව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්ප 16 හරහා ඉන්ධන නිකුත් කෙරෙන අතර සෑම ඉන්ධන වර්ගයකින්ම රුපියල් තුනක සහනයක් ලබා දී තිබේ.

මීට අමතරව පාරිභෝගික සේවා අවශ්‍යතාවය අනුව ඉදිරියේදී ඉන්ධන පිරවුම්හලට සමගාමීව සුපිරි වෙළද සංකීර්ණයක් ඉදි කිරීමටත් නව පොම්ප සවි කොට වසරක් ඇතුළත ඉන්ධන හල නවීකරණය කිරීමටත් sinopec ආයතය පියවර ගැනීමට නියමිත බව චන්දිම කපුරුගේ මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී මෙරට ඉන්ධන ඉන්ධන පිරවුම්හල් 150ක් සහ අළුතින් ඉන්ධන පිරවුම්හල් 50 ඇතුළුව පිරවුම්හල් 200 නව ගිවිසුම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය .

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img