Sunday, February 1, 2026
26.1 C
Sri Lanka

ඉගෙන ගන්න කියා ඕස්ට්‍රේලියාවට ගිහින් රස්සා කරන්න බැරි වෙන්න ආපු අලුත්ම නිතීය.

අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් එරට ලාභදායී වෘත්තීය පාඨමාලා සඳහා ඇතුළත් වීමට හැකි අයුරින් තිබූ වීසා නීතිවල හිඩැසක් වහාම වසා දමන්නට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

සිය උසස් අධ්‍යාපන පාඨමාලා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් හට ඔවුන්ගේ මූලික අධ්‍යයන කටයුතුවලට අමතරව සමගාමී අධ්‍යයන පාඨමාලා ලෙසින් වෙනත් ලාභදායී කෙටි පාඨමාලා (concurrent study) හැදෑරීමේ අවස්ථාව මෙතෙක් හිමිව තිබුණා.

අදාළ කෙටි පාඨමාලා විදෙස් සිසුන් එරට රැකියා වෙළෙඳපොළ වෙත සූදානම් කෙරෙන අයුරින් සකසා තිබෙන ඒවා බවයි සදහන් වන්නේ.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ, මෙලෙස පැමිණෙන බොහෝ විදෙස් සිසුන් මෙම නීතිය අවභාවිත කරමින් තම මූලික විශ්වවිද්‍යාල පාඨමාලා අත්හැර දමා ඉහත කී ආකාරයේ ලාභදායී පාඨමාලා වෙත ස්ථිර වශයෙන් මාරුවන ප්‍රවණතාවයක් මෑත කාලීන විමර්ශනවලින් හඳුනාගෙන තිබෙනවා.

2019 සහ 2022 අතර කාලපරිච්ඡේදයන් හි මුල් භාගයන් තුළ මෙලෙස පෙර කී ලාභදායී කෙටි පාඨමාලා සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් සංඛ්‍යාව 10,500 ක් වන අතර එය 2023 මුල් භාගයේ දී 17,000 ක් දක්වා තියුණු ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එරට අධ්‍යාපන අමාත්‍ය Jason Clare පවසන්නේ, අදාළ නීති හිඩැස පූරණය මගින් සිසුන්, සිය පළමු අධ්‍යාපන ප්‍රතිපාදකයා වෙතින් අනිවාර්යය මාස 06ක සේවාවක් ලබා ගැනීමට පෙර දෙවන ලාභදායී අධ්‍යාපන ප්‍රතිපාදකයා වෙත යොමු වීම වළක්වනු ලබන බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img