Tuesday, January 21, 2025
20.9 C
Sri Lanka

ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙක් සිංගප්පූරුවේ ජනාධිපති වෙයි.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත.

ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වේ.

වසර 10 කට පමණ පසුව සිංගප්පූරුවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් සියයට 70.4 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ධර්මන් ෂන්මුගරත්නම් මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග එරට මැතිවරණ කොමිසම ඊයේ(01) ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කළේය.

සිංගප්පූරු පාලක පක්ෂයේ ප්‍රධානියෙකු වූ ධර්මන් ෂන්මුගරත්නම් මහතා ජනාධිපතිවරණයට පෙර පක්ෂයෙන් සහ රජයෙන් ඉල්ලා අස් වී ඇත.ධර්මන් ෂන්මුගරත්නම් මහතාගේ පියා වූ මහාචාර්ය කනගරත්නම් ෂන්මුගරත්නම් මහතා ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත පුද්ගලයෙකි.

ධර්මන් ෂන්මුගරත්නම් 2011 වසරේ සිට 2019 වසර දක්වා සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.ධර්මන් ෂන්මුගරත්නම් මහතා මුදල් සහ අධ්‍යාපන අමාත්‍ය ධුරද දරා තිබේ.

Hot this week

ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්

මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී...

Starlink චන්ද්‍රිකා Unlimited අන්තර්ජාල දත්ත ගාස්තු – මාසෙට රු 9200 සිට

එලොන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල සේවාව ශ්‍රී...

කොතලාවල ආරක්ෂක සරසවි සිසුන් ගිය බදුල්ලේ බස් අනතුර ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

අද (1) උදෑසන බදුල්ල අඹගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ කොතලාවල ආරක්‍ෂක...

අපි ගිනි කන්දක තාච්චියක් තියා සොසේජස් බැදගෙන කන ජාතිකයක් වෙලා..

ගිනි කන්දක් මත තාච්චියක් තබාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක්...

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

Topics

ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්

මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී...

Starlink චන්ද්‍රිකා Unlimited අන්තර්ජාල දත්ත ගාස්තු – මාසෙට රු 9200 සිට

එලොන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල සේවාව ශ්‍රී...

අපි ගිනි කන්දක තාච්චියක් තියා සොසේජස් බැදගෙන කන ජාතිකයක් වෙලා..

ගිනි කන්දක් මත තාච්චියක් තබාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක්...

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img