Thursday, January 29, 2026
19.1 C
Sri Lanka

දෑස් නොපෙනෙන තිවංක උසස් පෙළින් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙයි.

උසස් පෙළ කඩයිම විශිෂ්ට ලෙස ජයගත් දරුවන් අතරින් තිවංක රණබාහු වෙත රටේ වැඩි අවධානයක් යොමුවී තිබේ.

ඔහු කලා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී තිබුණි.

ඒ අනුව උසස් පෙළ කලා අංශයේ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගැනීමට තිවංක ට හැකිවී තිබේ.

ගෙළිඔය ප්‍රදේශයේ පදිංචි තිවංක පූර්ණ දෘෂ්‍යාබාධිත තත්ත්වයේ පසුවන සිසුවෙකි.  

උසස් පෙළ සඳහා සිංහල, බෞද්ධ ශිෂ්ඨාචාරය, ජන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයන්වලින් පෙනී සිට තිබූ තිවංක, A සාමාර්ථ 03ක් සමගින් විභාගය සමත්වී ඇත්තේ දිවයිනේ 75 වැනි ස්ථානය දිනා ගනිමිනි.

ගෙළිඔය ශ්‍රී ප්‍රඤ්ඤාරතන මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලැබ තිබෙන තිවංකගේ පෙනීම අහිමිවී ඇත්තේ ඔහු 10 වෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය.

10 වෙනි වසරේ තෙවන වාරයේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටියදී තිවංක මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී තිබේ. 

උපත ලැබ මාස තුනේදී තිවංකගේ පියා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත.

ඉන් අනතුරුව ඔහුගේ සියලු කටයුතු සිදු කරනු ලැබ ඇත්තේ දැනට 43 වැනි වියේ පසුවන මව විසිනි.

අවුරුදු 15දී හදිසියේම දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත්වූ තිවංක ඉන් පසු අධ්‍යාපන කටයුතු සිදුකර තිබුණේ සිය දිවියේ සෙවණැල්ල බඳුවූ මව වන නිරෝෂනි සූජීවා කුමාරිගේ උපකාරයෙනි.

ඒ පිළිබඳව තිවංක රණබාහු සිය හඬ අවදි කළේ මෙලෙසිනි,

“අම්මා විෂය කරුණු හා ප්‍රශ්න කියවන කොට මම අහගෙන හිටියා. ඊට පස්සේ මම ඒවට කියන උත්තර අම්මා ලිව්වා. දෑස් දෙකම පෙනෙමින් තිබියදී එක පාරටම අන්ධවූ මට සාමාන්‍ය පෙළ විභාගය ලිවීම අභියෝගයක් වුණා. සාමාන්‍ය පෙළ විභාගයේදී ගුරුවරු දෙන්නෙක් මට ප්‍රශ්න පත්‍රය කියෙව්වා. ඒක අහලා මම පිළිතුරු දුන්නම තවත් ගුරුවරියක් ඒක ලිව්වා. ඒ විදිහට ලියලා මම A සාමාර්ථ 04ක් B සාමාර්ථ 03ක් හා C සාමාර්ථ 03ක් ලබාගත්තා. සිංහල, ඉතිහාසය, බුද්ධාගම හා සංගීතයට A සාමාර්ථ ලබාගත්තා.”

“පසුව උසස් පෙළ විභාගයේදී විෂය කරුණු ආවරණය කරගත්තේ බොහොම ආමාරුවෙන්. ඇස්වලට ප්‍රතිකාර ලබාගන්නා නිසා වසරක් පමණ පාසල් යාමට අපහසු වුණා. මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කළ වැඩසටහන් මගින් තමයි විෂය කරුණු ආවරණය කර ගත්තේ. මාස 05ක් පමණයි උසස් පෙළට පාසල් ගියේ. ඒ පංතිවල ලබාදෙන නිබන්ධන අම්මා මට ඇහෙන්න කියෙව්වා. ඊට පස්සෙ මම ලබාදෙන පිළිතුරු ඇය ලිව්වා. ඇත්තටම මාත් එක්ක උසස් පෙළට අම්මත් ලිව්වා කිව්වොත් නිවැරදියි.”

“අම්මගේ මහන්සිය අපතේ නොයන ප්‍රතිඵලයක්  ඇයට ලබාදෙන්න ඕන කියලා මම හැම වෙලාවෙම හිතුවා. විභාගයට පෙනී සිටියාට පසු ඒ සමාර්ථ තුනක් ලැබෙයි කියන විශ්වාසය තිබුණා. ඒත් මහනුවර දිස්ත්‍රික්කයේ පළමුවැනියා වෙන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ.”

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ විදුදය විනිවිද කථන ග්‍රන්ථ වැඩසටහන මගින්ද තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල සහයක් ලැබුණු බව තිවංක පවසයි.

තම දෙනෙත් හදිසියේම නොපෙනී ගියේ ඇයි ද? යන්න සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පවා නිශ්චිත හේතුවක් නොදැක්වූ බව තිවංක පවසයි. මස්තිෂ්ක සුසුම්නා තරලයේ පීඩනය වැඩිවීමකින් ඇස් නොපෙනී ගොස් තිබෙන බවත් එසේ සිදුවූයේ ඇයිද යන්න සම්බන්ධයෙන් හේතුවක් දක්වා නොමැති බවත් ඔහු පැවසීය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබ ආචාර්ය මණ්ඩලයට එක්වී ඉදිරියේදී මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීමත් මවගේ සහාය ද ලබාගනිමින් රටට වැඩදායක පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමත් තම අරමුණ බව තිවංක තවදුරටත් සඳහන් කළේය.

ගෙලිඔය ශ්‍රී පඤ්ඤාරතන විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති කරමඩ වේළුවනාරාමාධිපති පූජ්‍ය ගලහා සිරි ශාන්ත හිමි සඳහන් කළේ,

“මේ දරුවා කුඩා කාලයේ සිටම ඉගෙනුමට ඉතා දක්ෂයි. ඔහුගේ එකම බලාපොරොත්තුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා මහාචාර්යවරයකුවීමයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපේ රටේ අඩුයි. ඒ නිසා මේ දරුවා ඉන්දියාව වැනි රටකට යවා අවශ්‍ය පහසුකම් සලසා දීමට අදාළ වගකිවයුතු අංශ කටයුතු කළ යුතුයි. ඒ සඳහා උදව් කළ හැකි පින්වතුන් ඉදිරිපත් වෙයි කියා
අප සිතනවා.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img