Saturday, March 14, 2026
19.7 C
Sri Lanka

ණය මුදලක් නිසා හොදම මිතුරන් දෙදෙනා ජිවිතයෙන් සමුගනී.

ණය මුදලක් නිසා හොඳම මිතුරන් දෙදෙනා සියදිවි නසා ගැනීමේ පුවතක් මාතලේ පොලිස් වසමෙන් වාර්තා වේ. තම හොඳම මිතුරාට සයිප්‍රසයේ රැකියාවකට යෑමට වෙනත් පුද්ගලයකුගෙන් ඉල්ලා දුන් රුපියල් ලක්ෂ තුනක මුදල ආපසු ඉල්ලා සිටි අවස්ථාවේදී එම මුදල දීමට නොහැකි වූ මිතුරා සියදිවි නසාගෙන ඇති අතර ණයට දුන් පුද්ගලයා අදාළ ණය මුදල ඉල්ලා බැණ වැදීම නිසා සිත් තැවුලට පත්ව අනෙක් මිතුරාද කනේරු ඇට කා දිවි නසාගෙන තිබේ.

මාතලේ හිග්ගොල්ල ප්‍රදේශයේ විසිඅට හැවිරිදි එක්දරු පියකු වන කාලියප්පාන් කූගන් විදේශ රැකියාවක සිහිනය සැබෑ කරගන්න වසර කීපයක්ම උත්සාහ දැරුවේ බිරියගේ හා සිඟිති පුතුගේ අවශ්‍යතා සපුරාලන්නයි. මොහු විදේශ රැකියාවකට යන මිතුරකුට රුපියල් ලක්ෂ තුනක ණය මුදලක් වෙනත් අයකුගෙන් මුදල් අතමාරුවක් කර තිබුණත් නැවත මුදල් ඉල්ලීමේදී එම මුදල ආපසු දීමට නොහැකිවීම නිසා සිය මිතුරාද සිය දිවි නසාගෙන ඇති බව ඥාතීහු පවසති. කූගන් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ වෙනත් අයකුගෙන් බැවින් ඔහුද මුදල් ඉල්ලා නිවෙසට පැමිණ දොස් පැවරීම නිසාවෙන් මෙලෙස සිත් තැවුලට පත්ව කනේරු ඇට කා ජීවිතය විනාශ කරගෙන ඇතැයිද ඥාතීහු පවසති.

කාලය දවසින් දවස ඉක්ම වුවත් දුන් මුදල ආපසු ගැනීමට ඇති වූ අපහසුතාව නිසාත් මොහු මේ වන විටත් මැලේසියාවේ රැකියාවක් සඳහා සුදානම්ව සිටියද මුදල් අවශ්‍යතාව නිසා මිතුරාටද දන්වා ඇත්තේ ලක්ෂ තුනක දුන් මුදල ආපසු ලැබෙයි කියා සිටිය මුත් මුදල් දුන් අය ද මේ වන විට නිවසට පැමිණ ඉල්ලා කරදර කර ඇති බවයි.

එහෙත් මොහු මේ වන විට මැලේසියා යෑමට සංචාරක විසා බලපත්‍රයක්ද ඇණවුම් කර තිබුණු අතර මුදල් අගහිඟකම දරාගත නොහැකිව ණය තුරුස්වීම ගැන ද සිතූ කූගන් තම ජීවිතය ගැන කලකිරී මිතුරා ගිය ගමනම යෑමට තීරණය කළාදැයි කියන කාරණයත් සමඟ මොහුද කනේරු ඇට කා ජීවිතය අහිමි කර ගනිමින් ජීවන ගමන අවසන් කර ඇත්තේ මුදල් සොයා ගැනීමට අපහසුවීමත් ගත් ණය මුදල් පියවා ගැනීමේ අපහසුතාවට පත්වීම නිසාවෙන්න ඇතැයිද ණයකරුවන් නිවසට ඒමත් පවුලේ අසමඟිය දිනෙන් දින උත්සන්න වීමත් දරාගත නොහැකි තත්ත්වයක්ද මතුවී ඇතැයි ගම්වාසීහු පවසති. මාතලේ හිග්ගොල්ල පදිංචි කාලියප්පාන් කූගන් නමැති මොහු මාතලේ මහ නගර සභාවේ සුළු සේවකයකු බවත් මාස තුනක වයසැති පිරිමි දරුවෙක් ද ඉන්නා බැවින් විදේශ රැකියාවක අවශ්‍යතාව නිසා විවිධ අයගෙන් ණය මුදල් ගැනීමටද උත්සාහ දරා ඇති බවද දැන ගන්නට ඇත. කූගන්ගේ මිතුරන් පවසන්නේ ගමේ හොඳ නමක් තියාගෙන කා සමඟත් හොඳින් ඇසුරු කරමින් නගරයට ගියත් හැමෝම ආදරය කළ පුද්ගලයකු බවත් හිතවත් කෙනෙක් කිසිදු ආකාරයකින් වෙනස් නොවන ආකරයට ඇසුරු කිරීම තිබූ හොඳ පුරුද්දක් බවද මිතුරෝ පැවසූහ. මේ සිද්ධිය පිළිබඳව මාතලේ මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවද මූලස්ථාන පොලිසිය පවසයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img