Saturday, March 14, 2026
19.7 C
Sri Lanka

වැඩි මිලට සහල් විකුණන අයට වැඩ වරදියි.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳසල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාකරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව දිවයින පුරා අඛණ්ඩව වැටලීම් සිදු කරන බවත් එවැනි වෙළෙඳසලක් වේ නම් ඒ පිළිබඳව 1977 කෙටි දුරකථන අංකය වෙත තොරතුරු ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල වන්නේ කීරි සම්බා රුපියල් 260ක්, සම්බා රුපියල් 230ක්, නාඩු රුපියල් 220ක් සහ රතු කැකුළු රුපියල් 210ක් ලෙස දක්වා ඇත. තවද ගැසට් නිවේදනයේ සඳහන් මිල ගණන්වලට සහල් අලෙවි කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, වෙළෙඳුන් වෙත දන්වා සිටියි.

වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක්ද, පෞද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5 හේ සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක් ද අධිකරණය මගින් නියම කළ හැකි බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටියි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img