Thursday, January 29, 2026
23 C
Sri Lanka

ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ලංකාවට.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සේවය කළ විදුලි ඉංජිනේරුවන් රට හැර යාමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ඉහත කී පුරප්පාඩු පිරවීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය දක්වන උදාසීන ප්‍රතිපත්තිය හමුවේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයිද එම අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

චීන නියෝජිතයන් ඉදිරිපත් කළ එම යෝජනාව ලක්විජය විදුලි බලාගාරයේ කළමනාකරු විසින් එහි ඉහළ කළමනාකාරිත්වයට යොමු කර තිබේ. එම යෝජනාවේ සංඛ්‍යා දත්ත අනුව චීන ඉංජිනේරුවන්ගේ වැටුප් සඳහා මාස හයට රුපියල් මිලියන 665.9ක් දැරීමට සිදුවන්නේය.

එක් ඉංජිනේරුවකු සඳහා දිනකට ඇමරිකානු ඩොලර් පන්සියයකට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි එහිදී යෝජනා වී තිබේ.

නොරොච්චෝලේ බලාගාරයේ සේවය කළ පළපුරුදු ඉංජිනේරුවන් විසිදෙනකු පමණ මේ වන විට රට හැර ගොස් තිබේ. තවත් එවැනිම පිරිසක් විදෙස් ගත වීම සඳහා වීසා අයැදුම් ඉදිරිපත් කර ඇතැයි බලාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එවැනි තත්ත්වයක් යටතේ බලාගාරයේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවනු ඇතැයි ද එහි ඉහළ නිලධාරියකු පැවසීය.

ඉදිරියේදී මෙය කැලණිතිස්ස බලාගාරයටත් මුහුණ දෙන්නට වන ගැටලුවක් බවද හෙතෙම කියා සිටියේය.

මෙම පුරප්පාඩු සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගෙන ඇතත් අලුතින් බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යාංශ නිලධාරීන් කඹ ඇදිල්ලක සිටින බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

එම ක්‍රියාවලිය අනුව මෙරටින් ඉංජිනේරුවන් බඳවා ගැනීම ප්‍රමාද වන්නේ නම් චීන ඉංජිනේරුවන්​ රැගෙන ඒමට චීන බලධාරීන් යෝජනා කර ඇත්තේ නොරොච්චෝලේ බලාගාරය ආරම්භ කිරීමේදී සේවය සැපයූ ආකාරයටය.

මෙරට ඉංජිනේරුවන් මසකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක පමණ වැටුපකට සේවය කළද චීනයේ ඉං​ජිනේරුවන්ට රුපියල් හතළිස් නවලක්ෂ පනස්දහසක පමණ වැටුපක් ගෙවන්නට සිදුවන බව එහි සේවකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ වැටුපෙන් බදු ගෙවීමට සිදුවීම හමුවේ ඔවුන් විදෙස් රටවල රැකියා සොයා යාමට පටන් ගෙන ඇති බවත් මේ වනවිට වසර දෙකට පළපුරුදු ඉංජිනේරුවන් සියයක් පමණ රට හැර ගොස් ඇති බවද ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img