Thursday, January 29, 2026
26 C
Sri Lanka

කුකුළු මස් මිල දැවැන්ත පහළයාමක්.

වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති අජිත් ගුණසේකර මහතා,

“වෙළෙඳ ඇමතිතුමාත් එක්ක අපි සාකච්ඡා කළා. ඒ අනුව අපි නිෂ්පාදන වියදම් ගණනය කිරීම් කරලා දීලා තියෙනවා. සාකච්ඡා කරලා යම් කිසි එකඟතාවකට ආවා. දැන් මස් හිඟයක් නෑ. සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයොත් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේ දී හිඟයක් එන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ වෙනකොට නිෂ්පාදන ධාරිතාව වැඩි වෙලා අතිරික්තයකුත් එයි. ඒ අනුව මිල තවත් අඩු වෙයි. රජය විසින් සියලුම සහන ලබා දීලා තියෙනවා අපිට නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා 1,100 අතරට එයි කියන එක. විශාලම ප්‍රශ්නේ බඩඉරිඟු නේ ඒක ලංකාවට ගෙනාවොත් බඩඉරිඟු සම්පූර්ණයෙන්ම ආහාර සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට අපේ නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන්. අපි වගකීමක් ගත්තා. කිසිම හිඟයක් නෑ උත්සව සමයට මේ මිලට වඩා අඩුවෙන් අපිට දෙන්න පුළුවන්.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img