Thursday, January 29, 2026
19.1 C
Sri Lanka

නැගෙනහිර ආසියාවටම තෙල් දෙන්න ලංකාව තෝරා ගනියි

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීය.

එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි මහතා ජනාධිපති කාර්යාලයේ දී සාගල රත්නායක මහතා මුණ ගැසී ශ්‍රී ලංකාවේ කරන ආයෝජන කිහිපයක් ගැන දැනුම් දී තිබේ.

එහිදී මූලික වශයෙන් නැගෙනහිර ආසියාවේ ඔවුන්ගේ ඉන්ධන අපනයන කටයුතු ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව දන්වා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට ඒවා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල අලෙවි කිරීමට නියමියතය.

ඊට අමතරව පූනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හා සංචාරක ව්‍යාපාරය හා හෝටල් කර්මාන්තය ගැනද තානාපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා සමඟ සාකච්ඡා කොට තිබේ. එසේම කෘෂිකර්මන්තයට නවීන තාක්ෂණය හදුන්වාදීමේ ව්‍යාපෘතියක් ගැන මෙන්ම ශ්‍රී ලංකාවට එන එමීරේට්ස් ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද එකඟතාවය පළ කර ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img