Monday, February 2, 2026
19.5 C
Sri Lanka

ලංකාව එංගලන්තයට කෝටි 261 ක පොල්ලක් තියයි.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසර 19 ක කාලයක් ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග භාවිත කර ඇතත් එම කාලය සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 652120 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 261 ක් පමණ) ක මුදල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් ගෙවා නොමැති බව අමාත්‍ය ඩේවිඩ් රට්ලි එම ගෙවීම් සම්බන්ධව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුවේ දැක්වේ.

එම මාර්ග ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළුව විදෙස් තානාපති, මහ කොමසාරිස් කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන විශාල සංඛ්‍යාවක් භාවිතයට ගත්තත් ඒ සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 15 ක දෛනික ගාස්තුව මෙතෙක් ගෙවා නොමැති බව රට්ලි පෙන්වා දී තිබේ.

ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා 2003 වසරේ පෙබරවාරි මාසයේදී මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙන ලද අතර පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන විට තානාපති සහ මහ කොමසාරිස් කාර්යාල ගෙවිය යුතු සම්පූර්ණ මුදල ස්ටර්ලිං පවුම් මිලියන 145 ඉක්මවන බව රුට්ලි ප්‍රකාශ කර ඇත.

මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සිටින අතර එම කාර්යාලය ගෙවිය යුතු මුළු මුදල ස්ටර්ලිං පවුම් 14643495 කි.විදෙස් තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන එම ගාස්තුව ගෙවිය යුතු නැතැයි පැවසීමට නීතිමය රාමුවක් නොමැති බවත් සියලුම රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්සත් රාජධානි නීතියට ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රට්ලි ප්‍රකාශ කර ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img