Monday, February 2, 2026
19.4 C
Sri Lanka

ඇවිලුණු ආදරයට පෙට්‍රල් බෝ#ම්බයක්.

යාපනය, චුන්නාකම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අදාළ නිවසේ සිටි පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසූවේ, අදාළ නිවසේ පදිංචිව සිටි මව,පියා, පිරිමි දරුවෙකු හා ගැහැනු දරුවන් දෙදෙනෙකු අදාළ සිදුවීමෙන් පිළිස්සුම් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවය.

අදාළ නිවසේ ගැහැනු දරුවෙකු යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එහිදී ඇති වු ආරවුලක් මත එම තරුණයා සිය මිතුරන් සමඟ පැමිණ මෙලෙස නිවසට ගිනි තබා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

නිවසට ගිනි තැබූ පිරිස නිවස ඉදිරිපස නවතා තිබු ත්‍රිරෝද රථයකට හා නිවසේ දොර ජනෙල්වලටද පහරදී අලාභ සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධියට අදාළව තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img