Tuesday, February 3, 2026
22.7 C
Sri Lanka

මන්ත්‍රී උද්දිකගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියේ විමර්ශන CIDයට.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ පොලිස්පතිතුමාගේ නියෝග අනුව එම තීරණය ගෙන ඇති බවය.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩිතබා පළාගොස් තිබුණි.

ඊයේ (17) රාත්‍රී 10.35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්ය.

මන්ත්‍රීවරයා කිසියම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරට ගොස් යළි නිවස වෙත පැමිණි අවස්ථාවේ දී එම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණි.

මෙහිදී මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

මෝටර් රථයේ වම්පැත්තේ පිටුපස අසුන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබුණි.

වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරු හෝ සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් කාර් රථයකින් පැමිණ ඇති බවටත් වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවත් පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ අනුරාධපුර මුලස්ථාන පොලීසිය, කොට්ඨාස අපරාධන විමර්ශන අංශය ඇතුළු කණ්ඩායම් කිහිපයක් විමර්ශන කටයුතු සිදුකරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img