Tuesday, February 3, 2026
22.7 C
Sri Lanka

අ#සැබි ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහැරියොත් දැඩි දඬුවම්

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවිය හැකිවන පරිදි නීති සකස් කිරීමට ඉදිරියේ කටයුතු කරනු ඇතැයි වාර්තා පළ වේ.

මීට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබැනට් පත්‍රිකාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කර ඇතැයි ද සඳහන්ය.

ප්‍රේම සබඳතා පවත්වන අතරතුරදී ලබා ගන්නා පෞද්ගලික සහ නිරුවත් ඡායාරුප, වීඩියෝ දර්ශන එම සබඳතා නතරවීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ අරමුණෙන් වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණෙන් මෙම නව නීති සකස් කර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව එවැනි වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකිය.

එමෙන්ම දෙවැනි වරදකට හෝ නැවත නැවත හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක් කිරීමේ හැකියාව පවතින බවද වාර්තා වේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img