Tuesday, February 3, 2026
25.5 C
Sri Lanka

ඊයේ පරාජය ගැන සැකයක් තියෙනවා – තිස්ස අත්තනායක.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආසියානු කුසලාන අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන අදහස් දැක්වුවා.

තමන්ටද මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා දැඩි අවශ්‍යතාවයක් පැවති බවත් නමුත් සාමාන්‍ය ක්‍රිකට් තරගයක් නරඹනවා මෙන් ඒ පිළබඳ උද්යෝගයක් හා සතුටක් ඊයේ ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී දක්නට නොලැබුණු බවයි ඔහු සඳහන් කරන්නේ.

ප්‍රේක්ෂකයෙකු ලෙස මේ තරගයේ කඩුලු බිඳවැටීම පිළිබඳව තමන්ටද සැකයක් පවතින අතර ඉතා පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලකුණු නොලබාම දැවී යාම සිදු නොවිය යුත්තක් බවත් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අවධානම් අවස්ථාවලදී ඉලක්ක හඹාගෙන ගොස් ජයග්‍රහණ හිමිකර ගත් ආකාරය ඉතා හොඳින් මතකයේ ඇති බවත් පැවසුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම, බංග්ලාදේශ කණ්ඩායම හෝ පාකිස්ථාන කණ්ඩායම අවසන් තරගයට තරග කළානම් මීට වඩා හොඳ තරගයක් ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමට අවස්ථාව තිබු බව සඳහන් කරන්නේ.

ඊයේ පැවති තරගයේ දේශපාලන මුහුණුවරක් තිබුනාදැයි තමන් නොදන්නා බවත් ආසියානු කුසලානය ඊයේ ඉන්දියාවට හිමිවීම නරේන්ද්‍ර මෝදී අගමැතිවරයාගේ උපන්දිනයට දුන් උපන්දින තෑග්ගදැයි ඔහු ප්‍රශ්න කළා.

මේ වනවිට ඉන්දියාව ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ රාශියක් හිමිකර ගනිමින් සිටින බවත් G20 සමුළුව ඉන්දියාවේ පැවැත්වීම ආර්ථික ජයග්‍රහණ ආදි රාශියක් හිමිකර ගනිමින් සිටින අවස්ථාවක 2023 ආසියානු කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීම ඔවුන්ට ඉතාම වැදගත් බවත් ඊයේ තරගය ඉන්දියාවට නොමිලේම දුන් තරගයක් ලෙස දැනෙන නිසා මෙම තරගය පරාජයවීම පිළිබඳව සොයා බැලිය යුතු අතර එම පරාජය පිළිබඳව කණගාටුවක් පවතින බවයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img