Wednesday, February 4, 2026
24.8 C
Sri Lanka

කොළඹ හෝටල් ගාස්තු ගැන ගැසට්ටුවක් එළියට.

කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් සපයනු ලබන ස්ථාන සඳහා වන ගාස්තු සම්බන්ධයෙන් අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඔක්තෝබර් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් එම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව සංස්ථාපිත සහ නිදහස් ස්වාධීන සංචාරක හෝටල් කාමරයක් සඳහා වන අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර ඇති අතර තරු පහේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 100ක මුදලක් ද තරු හතරේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 75ක මුදලක් ද ප්‍රකශයට පත්කර තිබේ.

තරු තුනේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 50ක් ද තරු දෙකේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 35ක මුදලක් ද තරු එකේ සංචාරයක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 20ක මුදලක් ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය.

මෙම මිල ගණන් පැය 24ක කාලයක් සඳහා ගෙවිය යුතු අතර ඊට සේවා ගාස්තු සහ වෙනත් අදාළ බඩු සපයනු ලබන වෙනත් යම් සේවාවන් හෝ පහසුකම් සඳහා ගාස්තු හෝ අය කිරීම් ඇතුළත් නොවිය යුතු වේ.

මීට අමතරව නේවාසික අමුත්තන් සඳහා වන ආහාර මිල ගණන් ද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව තරු පහේ සංචාරක හෝටලයක උදෑසන ආහාරය සඳහා එක් පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 10ක් ද දිවා ආහාරය සඳහා අමෙරිකානු ඩොලර් 15ක් ද රාත්‍රී ආහාරය සඳහා අමෙරිකානු ඩොලර් 17ක් ද වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

තරු හතරේ සංචාරක හෝටලයක් සඳහා උදෑසන ආහාරයට අමෙරිකානු ඩොලර් 9ක් ද දිවා ආහාරයට අමෙරිකානු ඩොල් 14ක් ද රාත්‍රී ආහාරයට අමෙරිකානු ඩොලර් 16ක් ද වශයෙන් මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img