Wednesday, February 4, 2026
22.2 C
Sri Lanka

මෙරට තුළ ජලභීතිකා මරණ ඉහළ යාමක්

සුනඛයන් නොවන සතුන් සපා කෑම් හේතුවෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එම අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන අංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය හේෂාන් ගුරුගේ මහතා පවසන්නේ, ජලභීතිකා රෝගය පිළිබඳ නොදැනුම්වත් බව මෙම මරණ ඉහළ යාමට හේතු වී ඇති බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවාත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය නිලධාරී හේෂාන් ගුරුගේ මහතා මෙම අදහස් පළ කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා,

”පසුගිය වසර කිහිපය තුළ සිදු වුණ මානව මරණ අධ්‍යයනය කරද්දි සුනඛයෝ නොවන සතුන් ගෙන් පවා පොඩි වැඩි වීමක් පේනවා ජලභීතිකාවට ගොදුරු වුණ පුද්ගලයන්ගේ. සමහර අවස්ථාවල එම සතා මොකෙක් ද කියලා වත් දැනගන්න බැරි අවස්ථා තියනවා. මත්පැන්වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් කිහිප දෙනෙක් ම මහා මාර්ග අසල ගොඩනැඟිලි අසල නිදාගෙන ඉඳලා උදේට නැඟිටලා බලනකොට මොකෙක් හරි සතෙක් කාලා, හපලා ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලො ගණං ගන්නෙ නෑ. ඒ පුද්ගලයන්ට ටික දවසක් යනකොට ජලභීතිකාව රෝග ලක්ෂණ මතු වෙනවා. ඒ වගේ සිද්ධි කිහිපයක්ම පසුගිය වසර දෙක තුනකම අපට වාර්තා වුණා. ඕනෑම සතෙකුගේ සපා කෑමක්, හීරීමක දී නිසි ප්‍රථමාධාරයක් සිද්ධ කරන්න ඕනේ. සබන් යොදා ගලන ජලයෙන් තුවාලය සෝදන්න. ගෙදර තියනවා නම් ස්පිරිට් හරි, බෙඩඩින් වගේ අයඩීන් ද්‍රාවනයක් සර්ජිකල් ස්පිරිට්, හයිඩ්‍රජන් පැරොක්සයිඩ් වගේ එවැනි විෂබීජ නාශක දියරයක් තියනවා නම් ඒක ගල්වන්න පුළුවන්. ඊට පස්සෙ රෝහලකට යන්න. මේ දේ කළොත් හැමදෙනාම ජලභීතිකාව ලංකාවෙන් තුරන් කරන්න පුළුවන්.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img