Thursday, February 5, 2026
19.5 C
Sri Lanka

“මගෙත් එක්ක ඉන්න ආවේ නැත්තම් මම මේ සේරම ෆේස්බුක් එකට දානවා..” – කෝටිපති ව්‍යාපාරිකයාගේ නි#රුවත් පින්තූර ගෙන්වාගෙන… සල්ලි ගරන්න හැදු ව්‍යාජ කතට සිදු වූ දේ.

සුරූපී හින්දි කාන්තාවකගේ ෆේස්බුක් ගිණුමක් සකස් කරමින් ඇය සමඟ අන්තර්ජාලය ඔස්සේ ලිංගික ක්‍රියාවලට පොලඹවා එම ක්‍රියාවන් වීඩියෝගත කර ඒවා සමාජ මාධ්‍යයට හෝ ෆේස්බුක් ගිණුම්වල යොදන බව කියමින් කුරුණෑගල ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 15ක් ඉල්ලූ පුද්ගලයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ අත්අඩංගුවට ගත්තේය.

මෙම ව්‍යාපාරිකයාගේ නිරුවත් පින්තූර මෙසේ සමාජ මාධ්‍යවලට යොදන බව කියමින් මෙම පුද්ගලයා වරින්වර රුපියල් ලක්‍ෂයක් බැගින් ලක්‍ෂ හතරක් ලබාගෙන ඇති අතර පසුව එම පුද්ගලයා ව්‍යාපාරිකයාගෙන් එකවර රුපියල් ලක්‍ෂ 15ක මුදලක් ඉල්ලා ඇත. මින් බියට පත් එම ව්‍යාපාරිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව මේ පිළිබඳ විමර්ශන ඇරඹිණ.

පසුව කරන ලද දීර්ඝ විමර්ශනයෙන් පසු අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා හින්දි කාන්තාවන්ගේ පින්තූර යොදා ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකසන බවය.

පසුව එම ගිණුමට කතා කරන පුද්ගලයන් සමඟ ‘චැට්’ කරමින් සබඳතාවක් ගොඩනඟාගෙන අන්තර්ජාලය ඔස්සේම ලිංගික ක්‍රියාවලට පොලඹවා ගැනෙනු ඇත. ඒ අවස්ථාවේ මෙම පුද්ගලයා ඒ සඳහා අන්තර්ජාලයේ සිටින සුරූපී හින්දි කාන්තාවන්ගේ ලිංගික රූප ඇතුළත් දර්ශන එම පුද්ගලයන්ට පෙන්වන අතර එහිදී එම පුද්ගලයා විසින් නිරුවත්ව කරන දර්ශන මොහු විසින් සූක්ෂ්ම ලෙස වීඩියෝ ගත කරනු ඇත.

පසුව එම ෆේස්බුක් හරහා එලෙස ලිංගික ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් බිය ගන්වා එම ලිංගික දර්ශන අන්තර්ජාලයට යොදන බව කියමින් මුදල් ලබා ගන්නා බවත් පරිගණක අපරාධ කොට්ඨාසය කීය.

කීර්ති මෙන්ඩිස්

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img