Thursday, May 7, 2026
25.2 C
Sri Lanka

පාර වැරැද්දුවට ගූගල් සමාගමට නඩු.

ගූගල් සිතියමේ මගපෙන්වීම අනුව ගමන් කරමින් සිටි තම සැමියා පාලමකින් ඇදවැටි මිය ගිය බවට චෝදනා කරමින් අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ කාන්තාවක් ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ.

ඇය චෝදනා කර ඇත්තේ සිය සැමියා ගමන් කරමින් සිටි මාර්ගයේ තිබූ අවදානම් ස්ථානයක් සම්බන්ධයෙන් ගූගල් සිතියම යාවත්කාලීන කර නොතිබීම හේතුවෙන් ඇයගේ සැමියාට ජීවිතය අහිමි වු බවටය.

පිලිප් පැක්ස්සන් මෙලෙස මියගොස් තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහුගේ මිතුරෙකුගේ නිවසට ගොස් නැවත එමින් සිටිය දීය.

පිලිප් ගේ බිරිඳ පවසා ඇත්තේ සිය සැමියා පැමිණි මාර්ගය ඔහුට එතරම් හුරු පුරුදු නොමැති බැවින් ඔහු ගූගල් සිතියමේ මග පෙන්වීම අනුව සිය රථය ධාවනය කර ඇති බවය.

ඔහු එම මාර්ගයේ ගමන් කරමින් සිටි අවස්ථාවේ එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැලුනු බවත් ඇඳිරි වැටි තිබු බැවින් මාර්ගය පැහැදිලිව නොපෙනී ඇති බවත් සඳහන් වෙයි.

ගූගල් සිතියමේ මගපෙන්වීම අනුව ඔහු පාලමකින් ගමන් කර ඇති නමුත් එය කඩා වැටි තිබු බැවින් පිලිප් පැක්ස්සන් රථය සමඟ ඇළකට ඇදවැටි දියේ ගිලී මිය ගොස් තිබුණි.

මෙම පාලම කඩා වැටී ඇත්තේ වසර 09යට පෙර බව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ඒ අනුව පිලිප් ගේ බිරිඳ ගූගල් සමාගමට චෝදනා කරමින් නඩු පවරා ඇත්තේ, සිය සැමියා මිය යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ගූගල් සිතිමේ මේ බව යාවත්කාලීන කර නොතිබූ නිසා බව පවසමිනි.

කෙසේවෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම පවසා ඇත්තේ අදාළ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img