Thursday, May 7, 2026
22.3 C
Sri Lanka

කළුබෝවිල දී අවසන් ගමන් ගිය අලුත උපන් නිවුන් දරුවන්.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නිවුන් දරුවන් දෙදෙනා මියයාමේ සිද්ධියක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.

එම දරුවන් ගේ මව්පියන් චෝදනා කරන්නේ, රෝහලේ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මීට හේතු වූ බවයි.

කැස්බෑව, හොන්නන්තර සර්වෝදය මාවත ප්‍රදේශයේ පදිංචි අකිලා බොනිපස් දරු ප්‍රසූතියක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණේ, පසුගිය 08 වැනිදාය.

ඇය ඊට පසුදින නිවුන් දරුවන් ප්‍රසුත කර තිබූ අතර, එම දරුවන් නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර තිබේ.

ඉන් පිරිමි දරුවා පසුගිය 19 වැනිදා මියගොස් ඇති අතර, වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් දරුවා මියගොස් ඇති බවයි.

ඉන් අනතුරු ව දරුවන් ගේ මව අනිත් දරුවාට මව්කිරි ලබාදීමට යන අවස්ථාවේ දී එම දරුවා ද මියගොස් ඇති බව අනාවරණ වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවන් ගේ මව්පියන් කොහුවල පොලිසීයට පැමිණිල්ලක් ද කර තිබේ.

කෙසේ වෙතත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය ගෙන් අද දෙරණ විමසීමක් කළ අතර, ඇය පැවසුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ උපදෙස් පරිදි කමිටුවක් පත්කර මේ සම්බන්ධයෙන් සොයා බලන බවයි.

සිද්ධිය පිළිබඳ පැවසූ මියගිය දරුවන් ගේ මව අකිලා බොනිපස්,

”කන කහ වෙලා. බලද්දි කන හැමතැනම කක්කා. පිහිදලා නෑ ළමය ව. මිඩ්වයිෆ් කිවුවා කක්කාවලිනුත් විෂබීජ යනවා කියලා. බබා හොඳයි තිස් හතරෙන් දෙනවා හැමදාම ගියාම ඒක තමා කිවුවෙ. අරයා නැති වුණාමත් කිවුවා මෙයා හොඳ බබෙක් නේ අම්මා අරයට තිබුණා නේ පොඩ්ඩක් ප්‍රශ්න එහෙම කියලා. හම්බෙලා සති දෙකයි අරයා දවස් 10න් ගියා මෙයා දවස් 14න් ගියා”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img