Thursday, May 7, 2026
22.3 C
Sri Lanka

එක්ස්ප්‍රස් පර්ල් හානියට අදාළ අතුරු දීමනාව භාණ්ඩාගාරයට.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඊට අමතරව රුපියල් මිලියන 16ක මුදලක් ද මේ වන විට භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බවය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් දැරූ පිරිවැය සහ ධීවරයින් වෙනුවෙන් අතුරු දීමනාවක් ලෙස මෙම මුදල ලබාදී තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම විසින් අදාළ ගෙවීම් සිදුකර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලට අනුව ඉදිරි වසර කිහිපය තුළ මෙරට විදෙස් ණය ප්‍රතිශතය අඩු කිරීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡා සියල්ල මේ වන විට සාර්ථක වී ඇති බවය.

කෑගල්ල, රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img