Thursday, May 7, 2026
22.7 C
Sri Lanka

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට හදිසි උපදෙසක්.

දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු අනෙකුත් පවුල් හඳුනාගැනීමට කඩිනමින් සමීක්ෂණයක් සිදුකරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යාංශය, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව කමිටුවක් පත්කර ගන්නා ලෙස එම කාරක සභාව උපදෙස් ලබා දී ඇත.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වුණි.

ආර්ථික අර්බුදයේ බලපෑමෙන් පීඩාවිඳින අස්වැසුම ලබන හා නොලබන සියලුම පවුල් සවිබල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරෙන බව සභාපතිවරයා නිලධාරීන් හමුවේ සිහිපත් කළේය.

එමෙන්ම ඉදිරි වසර පහ තුළ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වන සැලැස්මක් වහාම සකසන ලෙසද එම කමිටුව සමෘද්ධි දෙපාර්තමේන්තුවට නියෝග ලබා දුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ අතර ග්‍රාමීය ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළෙඳපොළට සම්බන්ධ කිරීම සඳහා “සමෘද්ධි ප්ලස් ” නමින් වැඩසටහනක් ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img