Friday, May 8, 2026
27.5 C
Sri Lanka

පළාත් දෙකක වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක්.

බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 2 දක්වා අත්හිටුවන බව වාර්තා වෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතින බවද සඳහන්.

අද (24) සිට ඔක්තෝබර් 6 දක්වා මාර්ගගත ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව මෙම කටයුතු නැවත්වීමට පියවර ගත් බව‍යි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මේ අතර සබරගමුව පළාතේ සියලුම ආදායම් බලපත්‍ර මේ මස 27 හා ඔක්තෝම්බර් 02 දිනයන්වල නිකුත් කිරීමේ කවුළු වසා තබන බව සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම්වරයා පවසනවා.

ලේකම්වරයා පවසන්නේ මෙම පියවර ගෙන ඇත්තේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගැනීම හේතුවෙන් බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img