Friday, May 8, 2026
25.7 C
Sri Lanka

වාහන මිල තවත් වැඩි වෙයි

විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවත්, මෙමගින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) සඳහන් කරයි.

එම සංගමය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

කිලෝවොට් 500 දක්වා බලය සහිත විද්‍යුත් වාහන හෝ ප්ලගින සීසී 3000 දක්වා ආනයනය කිරීම සඳහා සියයට සියයක රේගු ගාස්තුවක් පැනවීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

මෙහිදී වාහන ගෙන්වීම එක් ආයතනයකට ප්‍රතිලාභය සැලසෙන පරිදි අවස්ථාව සලසාදී තිබෙන බවත්, මෙම විද්‍යුත් වාහන සඳහා පළමු වසර දෙකේදි මෙරට තුළදී අගය එකතු කිරීමක් අවශ්‍ය නොවන බවත්, මෙලෙස එක් ආයතනයකට පමණක් වාහන ආනයනය කිරීමේ අවස්ථාව ලබාදීම නිසා එම ආයතනයට සිය අභිමතය පරිදි වාහන මිල ගණන් ඉහළ දැමීමේ අවස්ථාව හිමිවන බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අදාළ කැබිනට් යෝජනාව අනුමත වුවහොත් දැනට පිරිහෙමින් පවතින වාහන කර්මාන්තයට තවත් දැඩි ලෙස බලපෑමක් එල්ල වන බවත්, මෙලෙස වාහන ආනයනය කිරීම නිසා ජාතික ආදායමට හෝ ආර්ථිකයට අපේක්ෂිත ප්‍රතිඵලයක් අත් නොවන බවත්, තීරුබදු රහිතව වාහන ආනයනය කිරීම නිසා රජයට වාසියක් නොලැබෙන බවත් එම සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ පවසන්නේය.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මෙලෙස කියා සිටියේය.

“විද්‍යුත් වාහන ආනයනය කරන සමාගමේ නම සහිතවයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අය මීට පෙරදී ලංකාව තුළ වාහන එකලස් කිරීමට අවසරය ලබාගෙන තිබුණා. දැන් ඒ අය අලුත් මුහුණුවරකින් විද්‍යුත් වාහන ආනයනය කරන්න සූදානම් වෙනවා. කැබිනට් පත්‍රිකාවේ සඳහන් ආකාරයට තීරුබදු රහිතවයි වාහන ආනයනය කෙරෙන්නේ’’ යැයි සභාපතිවරයා කීවේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img