Friday, May 8, 2026
22.3 C
Sri Lanka

ගෑස් භාවිතා කිරීම ව්‍ඩාත් ලාභදායී වන්නේ ඇයි.?

අපේ රටේ අලුතින් ආරම්භ වන සහ මධ්‍යම ප්‍රමාණයෙන් පවත්වාගෙන යන ව්‍යාපාර බොහෝ සංඛ්‍යාවක් තිබෙනවා. මේ ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර බවට පත් කරගන්නට නම් අඩු වියදම් සහ වැඩි ආදායම් සහිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්. අලුතෙන් පටන් ගත් ව්‍යාපාරයක් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරන ගමනේදී එම ව්‍යාපාරයේ වියදම් හැකි පමණින් අඩු කර ගැනීමට ව්‍යාපාරිකයන් උනන්දු වෙනවා. මෙවැනි අවස්ථා වලදී බොහොමයක් ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර වල ඉන්ධන අවශ්‍යතා සදහා එල් පී ගෑස් භාවිතා කිරීම සිදු කරනවා.මේ ආකාරයට තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සදහා එල් පී ගෑස් භාවිතා කිරීමේ වාසිය කුමක්ද? අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි.

  1. භාවිතයේ පහසුව.
    වෙනත් විකල්ප ඉන්ධන භාවිතා කිරීමේදී ව්‍යාපාර භාවිතා කරන පුද්ගලයන්ට අපහසුතා රැසකට මුහුණ දීමට සිදු වෙනවා. එයින් ප්‍රධානතම ගැලළුව වන්නේ දර වැනි ඉන්ධනයක් භාවිතා කිරීමේදී දුම නිසා සහ භාවිතයේදී සිදුවන අපහසුතාවයයි. භූමිතෙල් වැනි ඉන්ධන භාවිතයේදී ඇතිවන දුර්ගන්ධය නිසා පාරිභෝගිකයන් තුල අප්‍රසන්න හැගීමක් ඇති වන්නට පුලුවන්. නමුත් ගෑස් භාවිතා කිරිමේදී වඩාත් පහසුවෙන් අදාල කාර්‍යයන් ඉතා කුඩා ඉඩක් තුල ඉටු කරගන්නට ව්‍යාපාරිකයන්ට හැකියාව තිබෙනවා.
  2. සපයා ගැනීමේ පහසුව.
    දර, දහයියා, භූමිතෙල් වැනි ඉන්ධන භාවිතා කිරීමේදී බොහෝ වෙලාවට ව්‍යාපාරිකයන්ට කාලගුණ තත්වය පිලිබදව සැලකිලිමත් වෙන්නට සිදු වෙනවා. වැසි සහිත කාලගුණ තත්වයන් වලදී දර සහ දහයියා වැනි ඉන්ධන භාවිතා කිරිම වඩාත් අපහසු වෙන්නට පුළුවන්. නමුත් ඔනෑම කාලගුණ තත්වයක් යටතේ භාවිතා කල හැකි ගෑස් දිවයින පුරා පිහිටා තිබෙන ලගම අලෙවි නියෝජිතයාගෙන් ලබා ගන්නට ව්‍යාපාරිකයන්ට හැකියාව තිබෙනවා.
  3. මිල සංශෝධන.
    අපේ රටේ ගෑස් සැපයීමේ ප්‍රමුඛ ආයතනය වෙන ලිට්රෝ ගෑස් ආයතනය ශ්‍රී ලංකාවේ ගෑස් අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන ආයතනයයි. ඔවුන් විසින් ශ්‍රී ලංකා රජය සමග එක්ව නිර්මාණය කර තිබෙන මිල සූත්‍රය නිසා ලෝකයේ ගෑස් මිල අඩු වැඩි වන අවස්ථා වලදී එම සහනය පාරිභෝගික ජනතාවට ලබා දීමට ඔවුන් කටයුතු කරනවා. මේ නිසා ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය ගෑස් පහසු මිලට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
    ඉහතදී සදහන් කල කරුණු වගේම පරිසර දූෂණයෙන් තොරව තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමටත්, වඩාත් පහසුවෙන් සහ මුදල් ඉතිරි කරගනිමින් තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමටත් වඩාත් සුදුසු ඉන්ධන වර්ගය වන්නේ එල් පී ගෑස් භාවිතා කිරිමයි.
    ඒ මතක් කිරීමත් සමගින් අද ලිපියෙන් අපි සමු ගන්නවා. ඔබ සියළු දෙනාටම සුබ දවසක්!

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img