Friday, May 8, 2026
22.6 C
Sri Lanka

කනට ගහපු කෙල්ල, බලන්න ගිය මනමාලි වුණොත් මොනවා හිතෙයි ද.?

කපු මහතෙකු විසින් සොයා දුන් තරුණියක් හමුවීමට ගිය තරුණයෙකු මුහුණ දුන් අපූරු අත් දැකීමක් පිළිබඳව වාර්තා වෙනවා.

මෙය සිදුව ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේදියි.

මෙම තරුණයා පුද්ගලික ආයතනයක රැකියාව කරන අතර දෙමව්පියන්ගේ බල කිරීමට නිවසින් යෝජනා කර තිබූ තරුණියක්ව බැහැ දැකීමට ගොස් තිබෙනවා.

මනමාලිය බැලීමට ටික දිනකට පෙර ඔහු කාර්‍යාලය බලා දුම්රියේ ගමන් කරන විට කාන්තාවකගේ ඇඟට තෙරපී ගමන් කිරීම නිසා අදාළ තරුණිය ඇතුලු පිරිසක් ඔහුට එහිදී දෝෂාරෝපණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් දින දෙකකට පමණ පසුව තමාට යෝජනා කර තිබූ තරුණියව බැලීමට පවුලෙ අය සමඟ ඔහු මෙලෙස ගොස් ඇති අතර මනමාලිය දුටු විට ඔහුට උන් හිටි තැන් අමතක වී ඇත්තේ ඒ අන් කිසිවෙකු නොව තමාට දුම්රියේදී බැන වැදුනු තරුණිය බව දැකීමත් සමඟයි.

එම නිවසට යාමට පෙර කපු මහතා විසින් අදාළ තරුණියගේ ජායාරූපයක් ද පෙන්වා ඇති අතර රූපලාවණ්‍ය කටයුතු වල පරතෙරට ගොස් ඇති ඇය මේකප් ආදිය දමාගෙන අදාළ සෙල්ෆි ජායාරූපයට පෙනී සිට තිබෙනවා.

බැලු බැල්මට හඳුනාගත නොහැකි පරිද්දෙන් ඇය එම ජායාරූපයේ පෙනෙන අතර එම නිසාම අදාළ තරුණයාට ඇයව දුම්රියේදී හෝ හඳුනා ගැනීමට හැකි වී නැහැ.

තමාව බැලීමට පැමිණියේ දුම්රියේදී තමාට කරදර කරන්නට පැමිණි තරුණයා බව දුටු ඇය ඔහුට කේන්ති ගොස් බැන වැදී පහර දී ඇති අතර ඔහුගේ එක් දතකට තුවාල වී තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img