Friday, May 8, 2026
22.6 C
Sri Lanka

නිපා අවදානම ගැන විශේෂ පැහැදිලි කිරීමක්..!

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ වන විට වාර්තා වී ඇත්තේ, නිපා වෛරස් රෝගීන් 06 දෙනෙකු පමණක් බවයි.

පසුගිය අගෝස්තු මාසය අවසානයේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආසාදිතයන් හමුවීම ආරම්භ වී ඇති අතර, හමුවූ ආසාදිතයින් ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් පසුගිය 22 වැනි දිනෙන් පසු ඉන්දියාවෙන් කිසිදු නව ආසාදිතයෙක් හදුනාගෙන නොමැති අතර, ආසාධිත රෝගීන් සබඳතා ඇති බවට සැක කළ 700කට අධික පිරිසක් නිරෝධායනය කර ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

නිපා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දියාව තුළ ක්‍රියාත්මක කර ඇති පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගය පැතිරයාම අවම වී ඇති අතර, එමනිසා ශ්‍රී ලංකාවට ඇති අවදානම ඉතා අඩු මට්ටමක බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එබැවින් මහජනතාව කලබලයට පත්වීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීප ව නිරීක්ෂණය කරමින් සිටින බැවින් අවශ්‍යතාව මත ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාවට උපදෙස් ලබාදීමට කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img