Friday, May 8, 2026
27.5 C
Sri Lanka

අයහපත් කාලගුණය නිසා වසංගත රෝගයක් පැතිරීමේ වැඩි වීමක්.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඩෙංගු ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවත් ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි.

අධික වර්ෂාව පහව යනවිට බොහෝ ස්ථානවල වැසි ජලය එක්රැස් වී ඩෙංගු මදුරුවන් බෝවන අතර එසේ වුවහොත් ඉදිරියේදී එය වසංගත තත්ත්වයක් බවට පත්විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කර සිටියි.

විශේෂයෙන් මේ දිනවල දින තුනකට වඩා උණ රෝගය පවතින්නේ නම් රුධිර පරික්ෂාවක් සිදු කර ගැනීම වැදගත් බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 38 ක් වාර්තා වෙයි. 

මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස දොළහක් ඩෙංගු අධි වසංගත කලාප ලෙස නම්කර ඇති අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් හැටහතරදහස් පන්සිය පහළොවක් වාර්තා වී ඇත.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව දහතුන් දහස් පන්සිය පනස් එකකි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් දහතුන් දහස් තුන්සිය හැත්තෑපස් දෙනෙකු වාර්තා වී ඇත. කෙසේ වුවද මේ වනවිට ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු මර්දන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති බව එහි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img