Friday, May 8, 2026
22.6 C
Sri Lanka

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භවීමට නියමිතයි.

එහි පළමු තරගයට එක්වන්නේ, එංගලන්තය සහ නවසීලන්තයයි.

1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියර අද ආරම්භ වීමට නියමිතව තිබේ.

ඉන්දියාව සත්කාරකත්වය දරන තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 10කදී ය.

තරගාවලිය ආරම්භ කරමින් අද තරග බිමට පිවිසෙන එංගලන්තයේ සහ නවසීලන්තයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධවලට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් ආබාධයක් හේතුවෙන් අද තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවට සඳහන් වේ.

මේ අතර නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිගේ සහභාගීත්වය ද අවිනිශ්චිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන් විය.

දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 95ක් පවත්වා තිබේ.

දෙපිලම තරග 44 බැගින් ජය ඇති අතර තවත් තරග 3ක් අවසන් වූයේ ලකුණු සම වීමෙන් අනතුරුවයි.

මේ අතර අනෙක් තරග 4 තීරණයකින් තොරව අවසන් විය.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img