Friday, May 8, 2026
22.6 C
Sri Lanka

වැඩිහිටියන්ගෙන් 48% ක්ම තනිවෙලා

මෙරට වැඩිහිටි ජනගහණයෙන් සියයට හයත්, සියයට හතත් අතර පිරිසක් ඩිමෙන්ෂියා රෝගීන් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ ලේකම්, වෘද්ධ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මල්ෂා ගුණරත්න පැවසුවාය .

එසේම වර්තමානයේ තරුණ පිරිස රට හැර යාමත් සමග ද නිවෙස්වල සිටින වැඩිහිටියන් තනිවන බවට හඳුනාගෙන තිබේ.

පසුගිය පළමුවැනිදාට යෙදුණු ජ්‍යාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය, ඔවුන් ලෙඩ රෝගවලින් වළක්වා ගැනීම මෙන්ම ඔවුන්ගේ වැඩිහිටි අවධිය සෞඛ්‍ය සම්පන්නව ගතකිරීම පිළිබඳව ඊයේ (04 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළේ හික්කඩුව ප්‍රදේශයේ සිදුකළ සමීක්ෂණයකදී වැඩිහිටියන් සියයට හතළිස්අටදෙනකු තනිකමින් පෙළෙන බව අනාවරණය වී ඇති බවය.

එසේම ජන හා සංඛ්‍යාලේඛෙන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ වැඩිම වැඩිහිටියන් සංඛ්‍යාවක් ඇත්තේ බස්නාහිර පළාතේ බවය.

වයස අවුරුදු හැට සම්පූර්ණ කරනු ලබන පුද්ගලයින් වැඩිහිටියන් ලෙස හඳුන්වනු ලබන අතර අවුරුදු හැටත් හැටනවයත් වයස් කාණ්ඩයේ පසුවන අය තරුණ වැඩිහිටියන් ලෙස හඳුන්වනු ලබයි.

වයස අවුරුදු අසූවට ඉහළ පුද්ගලයින් වයෝවෘද්ධ අය ලෙස හඳුන්වනු ලබන අතර ඔවුන් පිළිබඳව නිවැසියන් විශේෂ උනන්දුවක් දැක්විය යුතුය.

තවද වැඩිහිටියන්ට ඖෂධ වර්ග පහකට වඩා ලබාදීමේදී ඉතා ප්‍රවේශම් විය යුතු බවත් ඉන් වෙනත් ආබාධ ඇති විය හැකි බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

ඒ අනුව වැඩිහිටි පුද්ගලයින්ට ශාරිරික ආබාධ මෙන්ම ඩිමෙන්ෂීයා විශාදය වැනි මානසික ආබාධ ඇතිවිය හැකිව තිබේ .

කෙසේ වුවද අවුරුදු තිස්පහ ඉක්මවූ පසු සුව දිවි සායන වෙත ගොස් රෝග ඇතිවීමට ඇති හැකියාව අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පවුල් වෛද්‍ය විද්‍යා මහාචාර්ය ශ්‍යාමලී ඒකනායක මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය .

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img